EUPEN ලෙස නම් කර ඇති විශාල ප්‍රමාණයේ ගෑස් තොග ප්‍රවාහනය කළ හැකි මෙම නෞකාව ඇමෙරිකාවේ හියුස්ටන් වරායේ සිට හම්බන්තොට වරාය දක්වා මෙට්‍රික් ටොන් 22,000ක් රැගෙන පැමිණි අතර, එය LP ගෑස් රැගෙන මෙරටට පැමිණි විශාලතම නෞකාවක් ලෙස ඉතිහාසගත වේ.
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ඇණවුම් කර ලබාගන්නා මෙම මෙට්‍රික් ටොන් 22,000ක ගස් තොගය ඔවුන් හම්බන්තොට ගබඩා පර්යන්තයේ රඳවා තැබෙන අතර, එමගින් ඉදිරි මාස කිහිපය සදහා අවශ්‍ය වන තොග මට්ටම පවත්වාගෙන යාම ඔවුන්ගේ අරමුණ බව අප වෙත අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.
එමෙන්ම පුද්ගලික ආයතනයක් ලෙස වුවද ආර්ථිකමය සහ ගෝලීය බාධක හමුවේ මෙම පියවර ගනු ලැබුවේ හුදෙක්ම දේශීය පාරිභෝගිකයාට විශිෂ්ට සේවාවක් සැපයීමට බව හෙතෙම සඳහන් කළේය.
මෙම මෙට්‍රික් ටොන් 22,000ට අමතරව මීට පෙරද ලාෆ්ස් ගෑස් ආනයන කළ ගෑස් තොග කොළඹ සහ හම්බන්තොට වරායවලට පැමිණි අතර, ඔක්තෝබර් 27දා පැමිණ 'ගැස් ඇතීනා' නෞකාව, ඔක්තොම්බර් 30දා දින පැමිණි 'එපික් වින්සෙන්ට්' නෞකාව, නොවැම්බර් 2දා පැමිණි 'හෙලේනා' නෞකාව හා නොවැම්බර් 7දා පැමිණි 'ගැසේ සියුස්' නෞකා හරහා මෙට්‍රික් ටොන් 12,000කට අධික LP ගෑස් තාග දේශීය වෙළෙඳ පොළට ලබාදීමට ලාෆ්ස් ගෑස් සමාගමට හැකියාව ලැබී ඇත.
මෙවැනි විශාල ප්‍රමාණයේ ගෑස් ප්‍රවාහන නෞකාවක් මෙරට සමාගමක් වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, තම පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන්, උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබාදීමට තමන් කැපවන බව තවදුරටත් අදහස් දක්වමින් ලාෆ්ස් ගෑස් ප්‍රකාශකයා සදහන් කළේය.
ෂමිල පෙරේරා