මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන් එක්වී හෝමාගම ගොඩගම කොම්පයාහේන ප්‍රදේශයේ හෝටලයක පැවැත් වූ මත්පැන් සාදයක් වටලා තරුණියන් නවදෙනකු ඇතුළු 30 දෙනකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබි අයිස්, ගංජා, ඇෂ් සහ රට සිගරැට් ඇතුළු
මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.අම්පාර, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ කොළඹ අවටත්  ප්‍රදේශවල පදිංචි තරුණ තරුණයන් අවුරුදු 20-30 වයස්වල පසුවන බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් මුහුණු පොතෙන් හදුනාගන වසර දෙකක් පිරිම නිමිත්තෙත් මෙම
මත්ද්‍රව්‍ය සාදය සංවිධානය කර ඇති  අතර ඒ සඳහා රුපියල් දාහක ඇතුල්වීමේ ගාස්තුවක් ද අයකර ඇති බව හෙළිවී ඇත.මේස් පැමිණි පිරිස ගොඩගම කොම්පයාහේන ප්‍රදේශයේ හෝටලයක පසුගිය සිකුරාදා (08) රාත්‍රියේ මෙම සාදය පත්විමේදී මහ හඩින් කෑකෝ ගසන බවට මීගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ නිලන්ත මහතාට ලැබුණු තොරතුරක් බුද්ධි අංශ නිලධාරින් පවා තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පවසයි.

එහිදී තරුණියන් නව දෙනකු ඇතුළු 30 ක් අත්අඩංගුවට ගනු ලැබූහ. පසුව ඔවුන් පරික්ෂා කිරිමේදී අයිස් මිලිග්‍රෑම් 200 සහ ගංජා ග්‍රෑම් 200 ක් ඇතුළු මත්ද්‍රව්‍ය පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්  රුපියල් 50,000ක් බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබූහ.  මීගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ නිලන්ත මහතාගේ උපදෙස් මත  ඉදිරි පරික්‍ෂණ ක්‍රියාත්මකය.

-ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-