බවට පත්ව සිටින සිනමා
ඔහු තමන්ගේ නොදන්නාකම ගැන මහත් අභිමානයෙන් යුතුව එම කතාව කළ අයුරු ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවේචන පැනනැගෙමින් පවතී.
'මං මේ කියන්නේ සජිත්ගෙ ඒ කතාවල් අතරම අනවශ්‍ය දෙයක් ස්ත්‍රීන්ට කිව්වා.ඒක විලි ලැජ්ජයි. මම අවුරුදු 40 ක් විවාහ වෙලා.මම තාමත් දන්නෑ ඒ මොකක්ද කියලා. මෙයාල මේක නිකං කියන්නෙ බේකරියට ගිහින් ගන්න රෝස් පාන් ගෙඩියක් වගේ..එහෙම කරන්න බෑ..හහ හා එහෙම රටවල් කරන්නෙ නෑ. හහ හා.. බුදු පුතුනේ. බුදු මහතුනේ..'
තමා විවාහ වී වසර හතළිහක් බවත් , ඔසප් වීම යනු කුමක්දැයි තමා තවමත් නොදන්නා බවත් බන්දු සමරසිංහ මහත් අභිමානයෙන් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන වේදිකාව මත හිඳ පවසන ආකාරය ජුගුප්සාජනක යයි මේ ගැන පළ කළ ඇතැම් විවේචනයක දැකවේ.
වසර හතළිහක් තිස්සේ ම මාසික ඔසප් වීම තම ස්වාමි පුරුෂයාගෙන් සඟවාගෙන සිටි බිරිඳ ගැනද විවේචන පළව ඇත.
එම කතාව පහත පරිදිය.