එජාපයේ වත්මන් නායක රනිල් හා හිටපු නියෝජ්‍ය නායක සජිත් අතර සීතල යුද්ධයක් මේ වනවිට විපක්ෂ නායක ධූරය සදහා ඇරඹී ඇත.
කතානායක කාර්යාල ආරංචි දන්වා සිටින්නේ
විපක්ෂ නායක ධූරය
සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලිපියක් කථානායකතුමන් වෙත ලැබී ඇති බවකි. එසේම
විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් විසින් අත්සන් තබන ලද ලිපියක්ද කථානායකතුමන් වෙත ලැබී ඇති බව එම කාර්යාලය දනවා සිටී.