තම කීර්තිනාමයට අපහාස කළ බැවින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්,
රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අද (07දා) නුගේගොඩ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
"මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාධ්‍ය හමු පවත්වමින් පාළුගෙයි වළං බිඳින්නේ නැතුව මා සමග විවාදයකට පැමිණෙන මෙන් ඇමෙරිකානු ඒජන්තයන් ලෙස කටයුතු කරමින්, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ
ඊයේ මංගල සමරවීර ඇමතිතුමා නම් මාධ්‍ය හමුවක මට පිළිතුරක් දෙනවා මම දැක්කා. එතුමා කියනවා මම පිටරටවල වංචා කරලා තියෙන නිසා, වනචරයෙක් නිසා මාත් එක්ක විවාද කරන්නේ නැතිලු. මම පිටරටක කිසිම වංචාවක් කරලාත් නෑ, කළ බවට බොරු චෝදනාවක්වත් නැහැ. කිසිම වනචරකමක් ගැන හතුරෙක්වත් චෝදනා නගලා නැහැ.
මට 1997දී මෙරට දී විදේශිකයෙකු ලබා දුන් ඇටර්නි බලපත්‍රයක් පසුව ඔහු විසින් ලබා නොදුන් බවට 2015 දී, ඒ කියන්නේ වසර 18කට පසු පොලීසියට පැමිණිල්ලක් කළා.
තමන් මේ නඩුවේදී ද බොරු කියූ බව උසාවියේදී පිළිගත්තා. කරුණාකර කොළඹ මහාධිකරණයේ 8394/2016 නඩුවේ වාර්තාව අරගෙන කියවන්න. එවිට ඕනෑම කෙනෙකුට සත්‍ය වැටහෙනවා.
මා වංචනිකයෙකු වූ බවට, වනචරයෙකු වූ බවට පදනම් විරහිත චෝදනා නැගූ මංගල සමරවීර මැතිතුමා මගේ කීර්තිනාමයට කළ හානියට රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවනවා. අනිත් අය වගේ මම එන්තරවාසි යවලා නිකන් ඉන්නේ නෑ. අනිවාර්යයෙන්ම නඩු පවරනවා. එසේ පැවරූ නඩුවලින් මට වන්දි ගෙවීමට නියම වෙලත් තියෙනවා."