ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුවූ පෙරේදා (16) මැතිවරණ නීති උල්ලංඝනය කළ සිවු දෙනකු ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. කන්තලේ මූලස්ථාන පොලිස් වසමට අයත් රජඇල, යුනිට්
පහ ප්‍රදේශයේදී හංසයාට
ඡන්දය සලකුණු කළ අඟල් දෙකක් පළල ඡන්ද පත්‍රිකා 56ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

සේරුනුවර පොලිස් වසමට අයත් ශ්‍රී සම්බා හා මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පොහොට්ටුවට ඡන්ද සලකුණු කරන ලෙස ඡන්දදායකයන්ට බලපෑම් කරමින් පොහොට්ටුවට ඡන්දය සලකුණු කළ පත්‍රිකා 86ක් ළඟ තබාගත් දෙදෙනකු යතුරු පැදිය සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.  උප්පුවේලි පොලිස් වසමට අයත් සෙල්වනායගම්පුරම් ප්‍රදේශයේදී හංසයාට ඡන්දය සලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

-අමරදෝරු අමරජීව-