තරුණ පරපුරේ ඉල්ලීම් සලකා බලා ඉදිරියේදී ඩේටාවලට නිදහස ලබාදී ඔන්ලයින් විප්ලවයක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය එක්සත්
ජාතික පක්ෂ ආණ්ඩු යටතේ රූපවාහිනිය, පරීගණකය, ඩෙනිම්, බ්‍රෝඩ්බෑන්ඩ්, විද්‍යුත් උපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ආකාරයට ඉදිරීයේදී සික්ස් ජී (6G) තාක්ෂණය මේ රටට ගෙන එන බවද අගමැතිවරයා සඳහන් කළේය.

 ආණමඩුව, ගම්පහ, කඩවත, පුගොඩ, මීගමුව, බටහිවල සහ දූව ප්‍රදේශවල (17) පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,  2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව අපට වරම ලබාදුන් බිය සැක නැති කර නිදහස් සමාජයක් ඇති කිරීමටයි. ඒ සඳහා අපි ක්‍රියා කළා. අපි බය නැති කළා.
අපි නිදහස ඇති කර දුන්නා. පැහැරගෙන යම් අපි නතර කළා. සුදුවෑන්වලට තිබුණ දිය අප නතර කළා, රාජ්‍ය
සේවය, පොලීසියේ, අධිකරණයේ ස්වාධීනත්වය අප ඇති කළා.
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය අප ලබා දී තිබෙනවා. ඒත් අද කියන නිදහසට වඩා වැඩි නිදහසක් හිමි රයිට් තරුණ තරුණියන් ඉල්ලා සිටිනවා, ඩේටා ලබාගැනීමට ඇති නිදහස තරුණ තරුණියන් අප ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ සමාජ ක්‍රමයට විරුද්ධව ලියන්න, කියන්න, හිතන්නෙ, නිර්මාණ කරන්න නිදහස ඉල්ලනවා, ඉලක්කම් හයක වැටුපක් ලැබෙන රැකියාවක් ලබාගන්නා හීනය සැබෑ කරගන්න නිදහස ඉල්ලනවා. ජීවිතේ හැම තීරණයක්ම, හැම සේවාවක්ම ඔන්ලයින් කරගන්න නිදහස ඉල්ලනවා,  එකක්වත් ලබාදෙන්න බැරී දේශපාලනඥයන් අපට එපා කියා තරුණ තරුණියන් කියනවා.

රටේ ඇති නැති පරතරය වගේම පරම්පරා පරතරයත් හැමදාම තිබුණ බව සිහිපත් කළ යුතුයි. නමුත් අද තිබෙන පරම්පරා පරතරය එදාට වඩා වෙනස්. ඒ පරතරය අද වනවිට වැඩි වී තිබෙනවා.
අද අපේ පරම්පරාව ඇනලොග් - තරුණ පරම්පරාව ඩිජිටල්. අද දේශපාලනඥයන් ඇනලොග් - තරුණ තරුණියන් ඩිජිටල්. ඒ නිසා තරුණ තරුණියන්
හිතන වේගයට යන්න අපේ රටට ඕනාහැකි වී තිබෙනවා. අප ඒ ගමන ඇරඹිය යුතුයි. ඇනලොග් කියන්නේ ප්‍රමාදයි. ඩිජිටල් කියන්නේ වේගවත්, ඇනලොග් කියන් දුර්වලයි. - ඩිජිටල් කියන් ප්‍රබලයි. ඇනලොග් සීමිතයි - ඩිජිටල් අසිමිතයි.
අද ලෝකයේ තිබෙන්නේ ෆෝ ජී (4G)
තාක්ෂණය. ලබන අවුරුද්දේ ෆයිවී ජී (5G) වෙනවා. සික්ස් ජීත් (63) දැන් ලෑස්තියි. ඒත් අපි තාමත් ඇනලොග්.තරුණ පරපුර දෙන අභියෝගය භාරගන්න අප ලෑස්තියි. ඩේටාවලට නිදහස දෙන්නෙ අපි ලෑස්තියි. ඔන්ලයින් විප්ලවය ඇති කරන්න අපි ලෑස්තියි.

මෙලෙස තරුණ පරපුරට බලාපොරොත්තු වන අසීමිත ඩිජිටල් නිදහස වෙනුවෙන් නොවැම්බර් 16 වැනිදායින් පසු දේශපාලනය ඩිජිටල් වෙනසක් කොට වේගවත් ගමනක් යන්න ලෑස්තියි. අපි ගැන විශ්වාසය තබන්න. රූපවාහිනිය, කොම්පියුටර්, ඩ‍ෙනිමි, බ්‍රෝඩ් බෑන්ඩ්, ඉලෙක්ට්‍රොනික්, මේවා මේ රටට ගෙනාවේ අපියි. ඒ ආකාරයටම අනිවාර්යයෙන්ම සික්ස් ජී (6G) මේ රටට ගේන්න‍ෙත් අපියි.ලෝකයේ සැරිසරන්න, රට රැකියාවලට යන හීන දකින ඔබේ සිහිනය සැබෑ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි" යනුවෙන් පවසා සිටියේය.