අවශ්‍ය පුද්ගලයා වන කොමසාරිස්ට පෙන්වා එය තහවුරු කරගත් බව නීතීඥ අලි සබ්රි ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙම කාරණාව ඇත්තක් නොවන බවත් තමාට එවැන්නක් සනාථ කිරීමට රාජකාරියට අදාළ බලයක් හෝ උවමනාවක් නැති බවත් ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කළේය.
ඒ මෙසේය.
'අලි සබ්රි මහතා මට කතා කරලා කිව්ව හම්බවෙන්න පුළුවන්ද කියලා අගොස්තු මාසේ අන්තිම සතියෙ සඳුදා දවසක හමුවුණා. මහාචාර්ය හුල් සහ මම ඔහුව හමුවුණා. අපි ගොඩක් දේ කතා කළා. නාම ලේඛනයේ දේවල්, ඡන්ද නීති ආදී දේ කතා කළා. සුදුසුකම් නුසුදුසුකම් ආදිය ඔය ඔක්කොම කතා කරනකොට ද්විත්ව පුරවැසිකම ඉවත් කරලා තියනවා කියල අපිට සහතිකයක් පෙන්නුවා. මං අතට ගත්තා. මං අතට අරගෙන සර්ට දුන්නා. අපි දෙපැත්ත පෙරළල ආපසු දුන්නා මං ඕනනම් තත්පර 30 ක් බලන්න ඇති සර් මිනිත්තුවක් බලන්න ඇති ඒ ගැන. ප්‍රොෆෙසර් ඩුවල් සිටිසන්නෙ එයාටත් තේරෙනවනෙ.
ඒත් අපි කවුරුවත් මේක වලංගුද නැද්ද පිළිගන්නවද නැද්ද ඔතන්ටික්ද නැද්ද කියල සහතික කිරීමක් එතැනදි කරේ නෑ. මොකද ඒක අපට අයිති රාජකාරියක් නෙමේ.අපේ මතය වී ආර් නොට් ඉන්ටරස්ට්..අපි පනත අනුව විතරයි රාජකාරී කරන්නෙ. නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට පනතෙන් දීල තියන විධිවිධාන වලට අදාළ දේ පමණයි අපි කරන්නෙ. ද්විත්ව පුරවැසිභාවය ජනපති තරගෙට නුසුදුසුකමක්. නමුත් අපිට අයදුම් කරන අයගෙ ලියැවිලි ඒ හේතුව මත ප්‍රතික්ෂේප කිරීමට බලයක් නෑ.
ඒ නිසයි භාරගත්තෙ. එය නීතියට පටහැනි නම් වෙනත් ආයතන සමග උසාවිය සමග නීතිය කතා කරලා වාරණ නියෝගයක් පැනවීමට එයට විරුද්ධ වන අයට හැකියාව තියනවා. ඒකයි අපේ පිළිවෙල.
මම කණගාටුවෙනවා සබ්රි මහතා ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය ගැටලුවේදී අපේ නම් ඇදගෙන අපි ඒක පිළිගත්තා ඒ නිසා හරි කියලා ප්‍රකාශයක් කිරීම ගැන.ඒක අපට අදාළ ගැටලුවක් නොවූ නිසා අපව ගාවගන්න එපා. අපි ඒ ගැටලුව නිරාකරණයට අදාළ පාර්ශ්වය නොවන බව තේරුම් ගන්න. අපි කිසිම එන්ඩොස්මන්ට් එකක් කාටවත් දීලා නැහැ.'
------------
මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න හා මහින්ද දේශප්‍රිය මහතා දුන් පිළිතුරු මෙසේය
ගෝඨාභයගේ පුරවැසි බව සනාථ කිරීමට අලි සබ්රි මහත්තයාගේ ෆේස් බුක් එකේ දාල තියන ලියවිලියි අනෙක් තැනක දාල තියන ලියවිලියි දෙකක් නේද?
ඒ ගැන අපට සොයන්න අවශ්‍යතාවයක් නෑ.
අලි සබ්රි මහතා ඔබේ නම සදහන් කරලා අනුමැතිය දුන් බවට අදාළ පටිගත කිරීමේදී කියනවා. ඒවා මාධ්‍යයට ගියේ ඔබේ අනුමැතිය ඇතිවද?
නෝ කොමෙන්ට්ස්