අද(18) දින පැවති ජනපති පදවි ප්‍රාප්ති උත්සවයට තම සොයුරා වෙනුවෙන් අනුරාධපුරයට නොගිය හේතුව කුමක්දැයි හිරු ටීවී සලකුණ වැඩසටහනට පැමිණි පොදු ජන පෙරමුණේ සංවිදායක බැසිල් රාජපක්ෂගෙන් අද විමසීමක් කර තිබුණි.
එහිදී ඔහු පිළිතුරු දෙමින් පැවසුවේ තමන්ගේ සොයුරාට අවශ්‍ය සහය දුන් පසු ඔහුගේ වැඩේ
කරගත් බවත් ඒ ගැන බලන්නට තමන්ට උවමනාව නොතිබූ බවත්ය.
එසේම තමා අධික වෙහෙසකර කටයුතු වල පසුගිය දිනවල නිරතවූ නිසා හිසේ කැක්කුමක් තිබුණ නිසා අද එහි යන්නට බැරි වුණ බවයි.
කිසියම් අමනාපයක් ඉරිසියාවක් පැවතියාදැයි නිවේදකයා ඇසූ විට ඔහු කියා සිටියේ තමා තරම් එම ජයග්‍රහණය ගැන සතුටුවන කෙනෙකු නැති බවයි.