අධික ලෙස බීමත්ව ජනාධිපතිවරණ විශේෂ රාජකාරියේ නියුතුවූ බව කියන පොලිස් නිලධාරියකුගේ සේවය වහා අත්හිටුවීමට මොනරාගල සහකාර පොලිස් අධිකාරි පී.ඩී.පී. පෙරේරා මහතා කටයුතු කළේය. මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ
සියඹලාණ්ඩුව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස්  කොස්තාපල්වරයකුය.  අධික ලෙස මත්පැන් පානය කර දඹගල්ල පියරතන මහ විදුහලේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරී යෙදී සිටි මෙම පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා ඉකුත් 15 වැනිදා රාත්‍රි 11.30ට පමණ ඡන්ද
මධ්‍යස්ථාන ආරක්ෂව පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවක දීය.

දඹගල්ල පොලිසිය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එහි යනවිට මෙම පොලිස් කොස්තාපල්වරයා කෙළින් සිටීමටවත් නොහැකි තරමට මත්පැන් පානය කර සිට ඇති බවයි.  මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධික ලෙස මත්පැන් පානය කර ඡන්ද පොළ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියා ඉන් ඉවත් කර ඒ මොහොතේම වෙනත් පොලිස් නිලධාරියකු යෙදවීමට කටයුතු කර තිබේ.

මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා නියෝග මත මෙම විෂමාචාර ක්‍රියාවේ යෙදුණු පොලිස් නිලධාරියා පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකළ  මොනරාගල සහකාර පොලිස් අධිකාරි පී.ඩී.පී. පෙරේරා මහතා බීමත්ව රාජකාරි පැහැර හැරීම හේතුවෙන් එම පොලිස් නිලධාරියාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ක්‍රියා කර තිබේ. සහකාර පොලිස් අධිකාරි පී.ඩී.පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් දඹගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

-නයනජීව බණ්ඩාර-