මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සදහා  පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමෙන්තුවෙන්
නිකුත් කරන විශේෂ
ලිපිය වලංගුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.මෙවර පළමුවරට ඡන්දය ප්‍රකාශ කරන තරුණ ඡන්දදායකයන්  ඇතුළු පිරිසක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තකමේන්තුවෙන් හැදුනුම්පතක් ලබා ගැනීමට ඉල්ලුමකර ඇතත් හැදුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත්වල හිඟයක්
හේතුවෙන් හැදුනුම්පත් නිකුත් කිරීමට නොහැකිවී තිබේ.

එහෙත් එම ඉල්ලුකරුවන්ට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් විශේෂ කඩදාසියක මුද්‍රිත 'ජාතික හැදුනුම්පත් තොරතුරු තහවුර  කිරිමේ ලිපිය' නමින් ලියවිල්ලක් නිකුත් කර ඇති අතර එය ඡන්දය ප්‍රකාශ කිරීමේ දී භාවිත කළ හැකිය. එම ලියවිල්ල ද ලබාගත නොහැකි ඡන්දදායකයන්ට ග්‍රාම නිලධාරි හමුවී තාවකාලික හැදුනුම්පතක් ලබාගත හැකියි.

-රංජන් කස්තුරි-