මාධ්‍ය ආයතන තුනෙන් දෙකක් විද්‍යුත් මාධ්‍ය ආයතන බවත්, මේ නිසා අද (14දා) සිට දින දෙකක කාලයක් ක්‍රියාත්මක වන නිහඬ කාලය තුළ බොහෝ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන්
කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, "මේ ජන්දය විතර නරක
විදිහට මාධ්‍ය හැසිරුණු වෙනත් ඡන්ද විමසීමක් තිබිලා නෑ, පසුගිය. ඡන්ද විමසීම්වල අපිට පුළුවන්කම තිබුණා ගිහිල්ලා නවන්වන්න, මේක කරන්න එපා කියන්න, හැම බලන් ඉන්නවා මේවාට විරුද්ධව මැතිවරණ කොමිසම කටයුතු කරනකම්. ඡන්දෙන් පස්සේ මේ මාධ්‍ය උපමාන කඩකළ අයට මොකද වෙන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නවා.
මාධ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් හැමෝම එහාට අදිනවා. මෙහාට අදිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට මේ බලපත්‍ර කඩදාසිවලට කොන්දේසියක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කොන්දේසි මාධ්‍ය උපමානවල අනුකුල හිනාවුණත් කමක් නැහැ.එකදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට විශේෂයෙන් කැපී පෙනෙන සැලකිල්ලක් මැතිවරණ සමයේදී නොදැක්විය යුතුය කියලා අපි කියනවා. අඩුම ගානේ මේ දවස් තුනෙදිවත් ධර්ම දේශන පැවැත්වීමයි, බණ දේශනා පැවැත්වීමයි, දේව මෙහෙයන් පැවැත්වීමයි, යාඥ කිරීමයි හරහා දේශපාලන කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා."
- ඉන්දික හේවාවිතාරණ -