පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වන අවසන් ජන රැලිය අද ප.ව. 6.00ට හෝමාගමදී පැවැත්වෙයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහාගේ අවසන් ජන රැලිය
පැවැත්වෙන්නේ අද රාත්‍රි 8.00ට මැද කොළඹ මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීය. ෙ
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය අවසන් ජන රැලිය
මහරගමදී
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිවරණ ව්‍යාපාරයේ අවසන් ජන රැලියට සහභාගිවීමට පෙර
තිස්සමහාරාම, මාතර, ගාල්ල සහ කළුතරදී පැවැත්වෙන ජන හමුවලටද සහභාගි වෙයි.
සජිත් ප්‍රේමදාස මහතා මරදානේ අවසන් ජන රැලිය අද ප.ව. 8.00ට ඇමතීමට පෙර මොනරාගල,
හම්බන්තොට, වැලිගම, ගාල්ල සහ කළුතර පැවැත්වෙන ජනහමුද ඇමැතීමට නියමිතය.
ජනාධිපතිවරණයේ මාධ්‍ය ප්රචාරක කටයුතුද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයින් මෙන්ම දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී දැනුවත් කර ඇති බවයි.
මෙම ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු අවසන්වීමත් සමඟ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති මැතිවරණ ප්රචාරක කාර්යාලවලට ද සීමා පැනවෙන අතර මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය.
මේ අතර විද්‍යුත් මුද්‍රිත හා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණ දැන්වීම් පළ කිරීමද අද (13) රාත්‍රී 12 න් පසු නතර කළ යුතුය.