හොරණ පිහිටි ගල්තලාවක් පුපුරවා නිධන් වස්තු ලබා ගැනීමට පිරිසක් ලවා උත්සාහ කළ මදුරාවල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදී පරාජය වූ අපේක්ෂිකාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව‍ හොරණ පොලීසිය පවසයි.
අදාළ අපේක්ෂිකාවගේ නිවස පිටුපස පිහිටි ගල්තලාවක මම පුපුරුවා හැරී සැලැසුම් කර තිබූ අතර ඊට සම්බන්ධ වූ අපේක්ෂිකාවගේ බෑනාද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36,37 හා 48 පසුවන හොරණ දොඩංගොඩ හා අඟුරුවාතොට පදිංචීකරුවන්ය. රතිඤ්ඤා
දල්වන ශබ්දය මුවාවෙන් ගුලාවක් යට තිබෙන පුරාවස්තු ගැනීමට කාන්තාවක් ඇතුළු පිරිසක් දින කිහිපයක සිට උත්සාහ දරන බවට හොරණ පොලීසියට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම කළ මෙහිදී බහැමර් හිල් යන්ත්‍රයක් ඩෙටනේටර් තුනක් ජෙලන් නයිටි කරල් දෙකක්, වෙඩි බෙහෙත් ග්‍රෑම්
තිහක්, ඇමෝනියා වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියයක්, කැණීම් උපකරණ, තණකොළ කපන යන්ත්‍ර දෙකක් හා පූජා භාණ්ඩ රැසක්ද පොලීසිය භාරයට ගෙන ඇත. මෙම
පොලීසිය එම ස්ථානය වටලන විට ක්‍රෝත්‍ර කියමින් සිටි කපුවා පලාගිය බවත්, සෙසු සැකකරුවන් පිරි අත්අඩංගුවට ගත් බවත්, එම ගල්තලාව පිපිරවීම සඳහා විදුලිය ලබාගෙන තිබුණේ පරාජිත අපේක්ෂිකාවගේ නිවසින් බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
මේ දිනවල එම ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ පොකුරු රැස්වීම් පැවැත්වන බැවින්, රැස්වීමක් මෙම නිවස පිහිටි භූමියේ තිබෙන බවට ප්‍රචාරය කර ඊට මුවා වී නිධන් වස්තු ලබාගැනීමට මෙම පිරිස උත්සාහ දරා ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිස් නිලධාරීයෙකු පැවසීය, සැකකරුවන් හොරණ අධිකරණයට ඉදිරීපත් කිරීට නියමිතය.
හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මඟතා පරීක්ෂණ පවයි.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ