ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා පුත්තලම සිට මන්නාරම පිහිටී ද මධස්ථාන දක්වා ජන්ද දායකයන් පීරිසක් ගමන් කළ බස් රථ පෙළකින් බස් රථ දෙකකට වෙඩි ප්‍රහාරයක් සමඟ දරුණු ගල්
ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් තන්තිරිමලය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.  16දා අලුයම 2.35ට පමණ තන්තිරිමලය පොලිස් වසමේ බෝගොඩ සපත්තු පාලම ආසන්නයේදී බස් රථ පෙළට ගල් ප්‍රහාරය සමඟ වෙඩි ප්‍රහාර දෙකක් එල්ලවී තිබේ. බෝගොඩ සපත්තු පාලම ආසන්නයේ තිබූ දිරාගිය විශාල මාර ගසක් කපා දමා ප්‍රධාන මාර්ගය අවහිර කර තිබීම නිසා බස් රථ පෙළ වේගය අඩුකරනවාත් සමඟම ලයට පැමිණි පිසක් බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒත් සමඟම මාර්ගය අයිනේ කැලෑ ප්‍රදේශයේ සැගවී සිටි පිරිසක් බස් රථයේ පිටුපස ටයර් ආසන්නයට

වෙඩි දෙකක් තබා ඇත.

වෙඩි තැබූ පිරිස බස් රථයේ ගමන් කළ කිසිවකුටත් හානි සිදුවන අන්දමින් වෙඩි තබා නැති බව පොලිසිය කියයි. ඔවුන්ව බිය ගැන්වීමට ප්‍රහාරය එල්ල කර ඇත. වෙඩි තැබීමේ සිද්ධියට අයත් පළාත අනුරාධපුරයට අයත් බැවින් සෙට්ටිකුලම පොලිසිය ඒ පිළිබඳව තක්කිරීමලය පොලිසියට දැන්වීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බස් රථ ඉරියට පැමිණි විගස ගල්වලින් පහරදුන් බව එක් බස් රථයක් පැදවූ රියැදුරකු පොලිසියට පවසා තිබූ අතර විදුලි ආලෝකයට ඔවුන්ගේ මුහුණු දුටු බවත් නැවත දුටුවහොත් හඳුනා ගතහැකි බවත් ඔහු පොලිසියට පවසා තිබිණි. උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත තක්කිරීමලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ප්‍රහාරය සම්බන්ධයෙන් පක්ෂණ කරති.

අනුරාධපුර මහේෂ් විජේසූරිය