හැවිරිදි සංචාරක ධීවරයකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මයිකල් ඇන්ටන් නමැති එක්දරු පියෙකි.
බෝතලය ලැබීමෙන් අධික සතුටට පත් පිරිසේ සිටි එකොළොස් දෙනෙකු එදින රාත්‍රියේ එම බෝතලයේ තිබූ දියරය පානය කොට ඇත. තිදෙනකු ඊට සම්බන්ධ වී නැත. එසේ එම බෝතලයේ තිබූ දියර පානය කිරීමෙන් පැය කීපයක් ගත වෙත්ම එම දියරය පානය කළ සියලුදෙනාම වමනය දමන්නට පටන්ගෙන ඇත. තත්ත්වය දරුණු අතට හැරෙත්ම ඉතුරු තිදෙනා තවත් පිරිසකගේ සහය ඇතිව වමනය කරමින් සිටි සිය සගයන් එකොළොස් දෙනා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කොට තිබේ.
රෝහලට ඇතුළත් කළ එකොළොස් දෙනාගෙන් තිදෙනකු මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු ජා ඇල පමුණුගම සේදවත්තේ මයිකල් ඇන්ටන්ය. මුතුරාජවෙල රක්ෂිතයට ආසන්න කුඩා නිවෙසක දිවි ගෙවන ඇඟලුම් කම්හලක අත්උදව්කාරියක හැටියට සේවයේ යෙදෙන ඇන්ටන්ගේ බිරිඳත් පාසල් යන කුඩා දියණියත් මේ මරණයත් සමග දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඇන්ටන්ගේ මව පවසන්නේ මරණයට හේතුව තම පුතුගේ මත්පැන්වලට ඇති ගිජුකම බවයි.