හෙතෙම මේ බව පවසා සිටියේ පොළොන්නරුව, බැඳිවැව පාරෝ ලේක් හොටෙල්හි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"2013 නොවැම්බර් 06 දින එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මැතිවරණ කොමිසමට හදිසි ලිපියක් යවනවා. එනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි සතියේදී බෝම්බයක් පිපිරවීමට සැලසුම් කරන බවට තමන්ට විශ්වාසනීය ප්‍රවෘත්තියක් ලැබුණු බැවින් වහාම ජාතික ආරක්‍ෂක සතාව කැඳවීමට එ.ජා.ප.ය කටයුතු කළ යුතු බවට තමන්ට ටුවිටර් පණිවිඩයක් ලැබුණු බවට.
රණවිරුවන් මුදලට අරගෙන බොරු වීඩියෝ හදපු පාස්කු ප්‍රහාරය ගෝඨාභය මැතිතුමා මත පටවන්න බොරු වීඩියෝ හදපු එ.ජා.ප.ය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි සතියේ බෝමේබ ප්‍රහාරයක් එල්ල කරන්න හදන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නේ, ඒ නිසා එ.ජා.ප.ය විසින් බෝම්බයක් පුපුරුවලා ඒ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත පැටවීමේ වෑයමක් තිබෙනවා කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.
එරාන් මන්ත්‍රීතුමා පොලීසියට පැමිණිලි නොකලොත් අපි මේ ගැන පොලීසියට පැමිණිලි කරනවා. මොකද පොදුජන පෙරමුණ බෝම්බ පිපිරවීමට සිටින කතාව පටිටපල් බොරුවක් බව ඉතාම වගකීමෙන් දැඩිව අවධාරණය කරනවා.
සාමාන්‍යයෙන් ට්විටර් පණිවිඩයක මුලින්ම සටහන් වෙන්නෙ පණිවිඩය එවූ අයගේ ට්විටර් නාමයයි. නමුත් එරාන් මන්ත්‍රීතුමා සිතා මතා ඒක යටද කරලා තිබෙනවා. එතුමාට ලැබුණු පණපිවිඩය විශ්වාසනීය ඒ නිසානෙ එතුමා ඒක මැතිවරණ කොමිසමට යොමු කරලා මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නේ.
ප්‍රවෘත්තිය විශ්වාසනීය බවට ඒ පණිවිඩයේ සඳහන් වෙනවානෙ. එරාන් මන්ත්‍රීතුමාට තොරතුරු ලබාදුන් පුද්ගලයාව එතුමා විසින් පොලීසියට හෙළි කළ යුතුයි. ඔහුට ලැබුණු තොරතුරු විශ්වාසනීය බැවින් මේ බෝම්බකරුවන්ව ඔහු දක්නවා, මේ බෝම්බ කතාව ඇතිද? බොරුවක්ද? ඇත්තක් නම්, ඒ පිටුපස සිටින්නේ කවුද යනාදිය දැනගත හැක්කේ එවිටයි.
එරාන් මන්ත්‍රීතුමා මේ තොරතුරු හෙළි නොකරනවා නම්, ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරක් හෙළි නොකිරීම පිළිබඳ ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි" යනුවද පැවසීය.
හිස්බුල්ලාගේ දෙවැනි මනාපය ගෝඨාභයට ලබාදෙන ලෙස සඳහන් කරන ව්‍යාජ විඩියෝ පටයක් ජානිපෙ නායක විමල් වීරවංශ
මෙම මධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාද එක්ව සිටි අතර, එහිදී ඔහු සඳහන් කර සිටියේ, ජනාධිපති අපේක්‍ෂක ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතා හෝ වෙනත් පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ඔහුගේ
දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබාදෙන ලෙස සදහන් කරන ව්‍යාජ වීඩියෝ පටයක් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයෙන් සකස් කරමින් පවතින බවයි.
ඔවුන්ගේ දෙවැනි මනාපයවත් පළමු මනාපයවත් මොකක්වත් අපි අපේක්ෂා කරන්නේ නෑ. ඉදිරි කාලයේදී යම්කිසි සැලසුමට අනුව හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා හරි වෙනත් දේශපාලනදියකු හරි ඔවුන්ගේ රූපය තියෙන කෙනෙක් හරි භාවිත කරලා දෙවැනි මනාපය හෝ ඡන්දය දෙන්න කියලා වීඩියෝ පටයක් එළියට ආවොත් ඒක අපේ උවමනාවට සිදුවන දෙයක් නෙමෙයි. ඒක විශ්වාස කරන එපා.
දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්න තීරණය කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කියනවා තම ඉල්ලීම් 13 ඉටු නොකළොත් ජනතාව පෙළෙ ගස්සනවා කියනවා. ඉදිරි සතියේදී විවිධ කුමන්ත්‍රණ කරයි. එවට රැවටෙන්න එපා" යනුවෙන් විමල් විරවංශ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
නිදර්ශනී වික්‍රමසිංහ/ හිඟුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලන