ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මංගල
නිල සංචාරය
සඳහා ඉන්දියාව බලා අද (28) පිටත්ව යයි.ජනාධිපතිවරයා මෙම දෙදින ඉන්දීය නිල සංචාරයේ නියැලෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ලැබුණු ආරාධනයක් මතය.

රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ විගස ඉන්දීය අගමැතිවරයා සිය සුබපැතුම් එක්කරමින් මෙම ආරාධනාව කළේය.