https://www.gossiplankanews.com/2019/11/gotabaya-rajapaksa-sworn-in.html#more
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18)  අනුරාධපුර රුවන්වැලි සෑ මහ මළුවේදී
ජනාධිපතිවරයා ලෙස
දිවුරුම් දුන්නේය. ඊට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායකයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතුළු විශාල පිරිසක් සහභාගි විය.