2010 සහසක් නිපැයුම් තරගාවලිය හා ප්‍රදර්ශනයේ දී මාවතගම පුබුදු දසනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද විදුලියෙන් ක්‍රියා කරන අතේ හකුළාගෙන යා හැකි යතුරුපැදියට රන් පදක්කමක් හා ජංගම වෛද්‍ය
කණ්ඩායම් සඳහා නිපදවු විශේෂිත අතේ ගෙන යා හැකි සිසිල් බෝතලයට ලෝකඩ පදක්කමක් ද හිමි වී තිබේ.
මෙම සහසක් නිපැයුම් තරගාවලිය කොළඹ ප්‍රදර්ශන හා සම්මාන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ සේවයේ නියුතු මේජර් පුබුදු දසනායක මහතා රන් පදක්කම් හිමි කරගත් විදුලි බලයෙන් ක්‍රියා කරන යතුරුපැදිය Electorally (Operated Portable Motorbike) මෙම විදුලි යතුරුපැදිය 12V සරල ධාරාවකින් ක්‍රියා කරන අතර එය පහසුවෙන් හකුළා
විශේෂිත වූ බෑගයක දමා අතේ රැගෙන යා හැකි ය. බැටරිය උපරිම ආරෝපණය කිරීමෙන් පසු 13 KM දුරක් 20KM වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඇත.යතුරුපැදිය folding bee2ලෙස නම් කර ඇත.
මෙම නිර්මාණය සඳහා ඉහත තරගාවලියේ දී ප්‍රවාහන අංශයට හිමි රන් පදක්කම ඔහු විසින් දිනාගනු ලැබ තිබේ.
මේජර් පුබුදු දසනායක මහතා ලෝකඩ පදක්කම හිමි කර ගනු ලැබූ නිර්මාණය වන බෝතල් සිසිලනය (Portable bottle cooler for field hospitals and mobile medical teams) ඔහු මෙම නිර්මාණය ක්ෂේත්‍ර රෝහල් සහ ජංගම වෛද්‍ය කණ්ඩායම් සඳහා අතේ රැගෙන යා හැකි සිසිල් බෝතලයක් ලෙස සකස් කර ඇති අතර උෂ්ණත්වය ~30 සෙල්සියස් ශීතකළ හැකිය.
එමගින් ජංගම වෛද්‍ය කණ්ඩායම් සඳහා අවශ්‍ය රුධිර සාම්පල් බෙහෙත් වර්ග හා  ඉන්සියුලින් හා ශීතකරණය තුළම තබා ගත
යුතු බෙහෙත් වර්ග ගබඩා කළ හැකි පරිදි  නිෂ්පාදනය කර තිබේ.

නිර්මාණකරුගේ නව නිපැයුම් දෙකටම 2019 සහයක් නිපැයුම් තරගාවලියේ දී රන් හා ලෝකඩ පදක්කම් හිමි වී සම්මානයට පාත්‍රවීම ඔහු විසින් අත්පත් කර ගත් විශේෂ ජයග්‍රහණයකි.
(මාවතගම කාංචනමාලා බණ්ඩාර)