විපක්ෂනායක පත් කිරිම සම්බන්ධයෙන් තමා අනුගමනය කරන්නේ පක්ෂයේ මහ ලේකම්ගේ දැනුම්දිම බවත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරීමේදීත් තමා අනුගමනය කළේ එම ක්‍රියාමාර්ගය බවත් කතානායකවරයා එජාප මන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.
කතානායක කරු ජයසුරිය මහතා මෙම දැනුම්දීම කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායකත්වය දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් ලිපියක් බාරදීම සඳහා පැමිණි අවස්ථාවේදිය. පාර්ලිමේන්තුවේ විපක්ෂනායක පත් කිරිම සම්බන්ධයෙන් තමා ක්‍රියා කළ ආකාරය පිළිබඳව අතීත පුර්වාදර්ශ ඇති බව පෙන්වා දී තිබෙන කතානායක කරු ජයසූරිය මහතා මෙවරත් තමා ක්‍රියා කරන්නේ ඒ ආකාරයටම බවද පැවසීය. මේ අතර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ අදාළ ලේඛනයට අත්සන් ලබාගෙන ඇත්තේ ඉකුත් සඳුදා (18) ගාලුමුවදොර හෝටලයේ පැවැති මන්ත්‍රීවරුන් දිවා භෝජන සංග්‍රහයකදී බවය.
විපක්ෂනායක ධුරයට කැමැත්ත පළ කරමින් අත්සන් ගැනීමක් ගැන තමා නොදන්නා බව ද අදාළ ලේඛනයේ සඳහන් වන්නේ දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ නම් සහ අත්සන් බවද ඔහු කීය.
-අංජුල මහික වීරරත්න-