https://www.gossiplankanews.com/2019/11/kelani-temple-havoc.html#more
දාර මධුශංඛ නමැති පුද්ගලයෙකු ගැන පුවතක් ඊයේ (12) දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති තුළින් පෙන්වන ලදි. ඔහු ගුප්ත විද්‍යා විශාරදයෙකු ලෙස හදුන්වා තිබූ අතර ඓතිහාසික කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ඔහු සිදු කළ ධාතු වැඩමවීමක් සත්‍යයක් යයි හැගවෙන ආකාරයට විස්තර කර තිබුණි. මිත්‍යාව පැතිරවීමක් යයි සැකකරන කරුණු බොහොමයක් සමග
දේශපාලන කාරණාවක්ද එම පුවත අග සටහන් විය.

'නාග ලේකයෙන් සර්වඥ ධාතූන් 14 නමක්

කැලණියට වැඩම කර ඇති බවත්' ගුප්ත විද්‍යා විශාරදවරයෙකු වන උදාර මධුශංඛ විසින් කැලණිය ගං මිටියාවතේ පැවති විශේෂ පූජාවක් අතරතුර ධාතූන් වහන්සේ වැඩම කිරීම සිදුව තිබෙන බවත් විහාරාධිපති මහාචාර්ය හිමියෝ පැවසූහ.

ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කරන්නේ කැලණියට බවත් කැලණි ගං මුවදොර විසූ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාවක් අනුව බවත් ඉතිහාසය මතක් කරන විහාරාධිපති හිමියන් එම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රාජ මහා විහාරය විසින් මනිඅක්ඛිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නානුමුර පූජාව නමින් විශේෂ පූජාවක් ආරම්භ කරන ලද බව දන්වා තිබේ.

එම පූජාව පවත්වන ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ සෑම මසකම පළමු සෙනසුරාදා මෙම නානුමුර පූජාව පවත්වනුයේ බුදුන් වහන්සේ ජල ස්නානය කළ බව පැවසෙන,විහාරස්ථානයේ පිහිටා ඇති "සිවුරු ගල" නම් ස්ථානයේදී බවත් ඒ අනුව ඉකුත් 9වැනිදා රාත්‍රී 10ට පමණ සිවුරුගල දී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත

විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා , තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට බැස කිමිදෙද්දී නා ලොවින් ලද බවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬුව ලැබුණ බව පවසා තිබේ. ඒවා විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ තැන්පත් කළ බවද දන්වා තිබේ.

මෙම ප්‍රකාශයේ අගදී දෙරණ නාලිකාවට අදහස් දක්වන විහාරාධිපති හිමියන් පවසා සිටියේ මෙවැනි හාස්කමක් සිදුවන්නේ ලංකාවේ 2020 හොද අලුත් නායකයෙකු පහළවීමේ සුබ පෙරනිමිති සමග බවයි.

කෙසේ වෙතත් වැඩිදුර සොයා බැලීමේදී  මීට වසර කිහිපයකට පෙර තමන් බුදු බවට පත්වූයේයයි ප්‍රකාශයක් සිදු කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කරන ලද පුද්ගලයා වන්නේ  උදාර මධුශංඛ නමැති මෙම පුද්ගලයා බවට තොරතුරු හෙළිව තීබේ.
අදාළ විස්තරය දෙරණ නාලිකාව ප්‍රචාරය කළ ආකාරය පහතින්