මේ දිනවල ප්‍රතිපත්ති ප්‍රකාශන නමැති ලස්සන පොත් දකින්නට ලැබෙන අතර, මෙසේ ලස්සනට ලියා ඉදිරිපත් කරන පොන්වල අඩංගු වන දෑ කිසිදිනක මහපොළොවේ ක්‍රියාත්මක නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ පෙරේදා  (09දා) බෙන්තොට, හබුරුගල දී පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් මහතා,
 "ගෝඨාභය එනවට බියේ සජිත්ට දී දෙමු කියලා ජනතා විමුක්ති පෙරමුනේ අයත් දැන් කතා වෙනවා. දැන් අලුත් කතාව එහෙම තමයි. එහෙම තමයි ඒ ඡන්ද ව්‍යාපාරය හදලා තිබුණෙම.

ඒක අපේ අනුර මල්ලිලාට තේරුන් නැති වුණාට ඒක තමයි කතාව. ඉස්සර වෙලා එකතු කරනවා ජන බලවේගයට,
ඡන්දේ කිට්ටු වෙද්දි මොකක්ද වෙන්නේ. එනපොට හොඳ නෑ ආපසු සැරයක් ගෝඨා එන්න යන්නෙ, ආවොත් ලොකු මර්දනයක් එනවා. ඒ නිසා දෙවැනි මනාපය දෙන්න සජිත්ට.

දැන් නම් කියවෙන්නේ දෙවැනි  මනාපය නොවෙයි, පළමු මනාපය සජිත්ට දීලා දෙවැනි මනාපය අනුරට දෙන්න. බලන්න තව ටික දවසකින්, තව දවස් දෙක තුනක් යද්දි මේ කතාව තව තීවුර වෙනවා.

අපි ඔය ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි, ඊට කලින් හිටපු අය එක්කත්, ප්‍රේමදාසලා, ජේ.ආර්. ජයවර්ධනලා,ජරංජන් විජේරත්නලා, සරත් ෆොන්සේකලා එක්ක හැප්පිලා අපේ රතු කොඩිය අපි අත්නොහැර අල්ලන් යන ව්‍යාපාරයක්.

අපිව පරදවන්න ගෝඨාභය රාජපක්ෂ නොවෙයි කිසිම බලවේගයකට හැකි වෙන්නේ නෑ. අපි යට කරන්න හම්බවෙන්නෙ නෑ, අපිව බය කරන හම්බ වෙන්නේ නෑ.

 ඒ නිසා අපි කියනවා මේ දෙකම ඒකයි. ඒකෙ පොඩ්ඩෙක්වත් වෙනසක් නෑ, මේ දෙගොල්ලම මම අර ඉස්සර වෙලා කීවා වගේ ක්‍රමය වෙනස් කරන්නේ නෑ. මේ දෙගොල්ලම මේ ක්‍රමය ඉදිරියට අරගෙන යනවා. මේ දෙක විතරක් නෙමේ දැන් තුනම ඒකයි.

දැන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පෙරේදා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ඒවා ලස්සන පොත්. මේ ලස්සන පොත්වල තියෙන ඒවා කවදාවත් මහ පොළොවෙදි දකින්න හම්බ වෙන්නේ නෑ" යනුවෙන් කියා සිටියේය.

ජිනේෂ් නානායක්කාර
Email ThisBlogThis!Share to TwitterShare to Facebook