පැවසීය. වීරඹුගෙදර, රන්වලගෙදර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘන කිරිමේ අවස්ථාවට එක් වෙමින් අගමැතිවරයා එසේ කීය. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය.
"තවමත් ඒ නඩුව යනවා. මෙවැනි තත්වයකින් රජයේ සේවකයා මුදා ගත යුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනම විශේෂ පනතක් ගෙන ආ යුතුයි. නමුත් දැන් තියෙන්නේ සුළුතරයක් සහිත ආණ්ඩුවක්. විරුද්ධ පක්ෂය වැඩියි. ආණ්ඩු පක්ෂයක් විදිහට අපට අඩුයි. නමුත් අපි දෙගොල්ල එක්තරා විදිහක සහයෝගයකින් මාස තුනක් මැතිවරණයකට යනතෙක් කටයුතු කරන්නට
අපිට ඒ වෙලාවේ මන්ත්‍රී ධූර එකසිය හතළිස් ගණනක් තියෙනකොට අභාවප්‍රාප්ත දි. මු. ජයරත්න අගමැතිතුමා වෙනුවට හතළිස් දෙකක් තිබුණු පක්ෂයේ නායකයාට අගමැතිකම දුන්නා. මෙක තමයි මම අගමැතිවෙලා පළමුවැනි රාජකාරිය. දැන් මම බුද්ධ ශාසන ඇමති නිසා අයිතියකුත් තියෙනවා ආරාධනා කළාම එන්න. අද අපට පන්සල් තියෙනවා නමුත් හාමුදුරුවරු නැහැ. හුඟක් පන්සල් වැහිලා. ඒක අපට ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒ පන්සල් නගාසිටුවීම නායක ස්වාමීන් වහන්සේලාට ඇති කාර්යභාරයක් වෙනවා. රජයෙන් ඒ සඳහා පහසුකම් ලබාදීමට අපි කටයුතු කරනවා. වසර කීපයකට පසු පළවෙනි වතාවට තමුන්නාන්සේලා සියලු දෙනා එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.
හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත්කරගෙන එතුමා රුවන්මැලි සෑය අබියස දුටුගැමුණු රජතුමාගේ පිළිරුව ඉදිරිපිට කළ ප්‍රකාශය තුළ අපි මහත් ධෛර්යට සහ සන්තෝශයට පත්වුණා. සියලුම ජාතීන්ට එකවගේ සලකන්න ජයගත් අයත් පරාජය වූ අයත් ඔහුගේ පුරවැසියන් වශයෙන් එක ලෙස සලකන බවට කළ ප්‍රකාශයක් අපි මතක තබාගත යුතුව තිබෙනවා. බෞද්ධයන් විගමයෙන් අපට වගකීමක් සහ හික්මීමක් තියෙනවා.
අන් ආගමිකයන්ට, ජානින්ට සලකන පිරිසක් හැටියට අප හදුන්වා දි තිබෙනවා. ඒ ප්‍රකාශය තුළ ගැබ් වුණු ගැඹුරු දර්ශනය අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතු බව මම විශ්වාස කරනවා.අපට තියෙනවා ලොකු වගකීමක්. ඒ වගේම මේක තාවකාලික ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය පහළොස් දෙනයි. කැබිනට් එක පහළොවට බස්සනකොට පළාත් සභාවේ ඇමැති මණ්ඩලය හතරේ ඉඳලා දෙකට බස්සනවා වගේ වැඩක් මේක. පහළොස් දෙනෙක් තෝරනකොට ප්‍රශ්න තියනවා. සුදුස්සන් ඉන්නවා. සුදුස්සෝ අපමණයි. ඒ සුදුස්සන්ට 15 නිසා ඇතිවුණ හිත් අමනාපකම් මම දන්නවා.
ඒ වුණත් ඔවුන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ මාස කීපය කැපකරන්න අපට පුළුවන් කියන ආත්ම ශක්තිය ඔවුන්ට තිබුණා. ඔවුන් මට කිව්වේ අපිත් මහන්සියෙන් වැඩ කළා. ඒ නිසා හිත් වේදනාවක් තියෙනවා. නමුත් අපි රටක් වෙනුවෙන් කරන කැපවීම කරන්න සූදානම් කියලයි. ඒක අපි අගය කරනවා. ඔබ දුන්නු වරම, අපි දුන්නු පොරොන්දු මුල් කරගෙන හයවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනය ක්‍රියාත්මක කරන පළමුවැනි කැබිනට් මණ්ඩලය රැස්වුණු දවසේ ඉඳලා ඔබ වෙනුවෙන් කළයුතු යුතුකම් කිරීම ආරම්භ කරනවා.” යැයිද අගමැතිවරයා සඳහන් කළේය.
ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන හිමියන්ගේ ආරාධනයෙන් අගමැතිවරයා මෙම ඒ අවස්ථාවට එක්වූ අතර දහම් පාසල් ගොඩනැගිල්ල ව්‍යාපාරික රංජිත් වීරසිංහ මහතාගේ ධන පරිත්‍යගයෙන් ඉදිකර තිබිණි. වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියන් ඇතුළු මහා සංඝරන්නයද මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, ඩී. බී. හේරත්, ලොහාන් රත්වත්ත, වසන්ත සේනානායක යන මහත්වරුද ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
-රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ-