විපක්ෂනායක මහින්ද
හලාවත පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම පෙන්වා දුන්නේ ස්වභාවික හෝ විවිධ පාරිසරික තත්ත්වයන් හේතුවෙන් සමාජයේ දරුඵල නොමැති පවුල් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි, එහිදී ඇති හැකි අය විදේශ රටවලට ගොස් නළ තාක්ෂණය ඔස්සේ තමන්ගේම දරුවෙකු හිමි කර ගන්නා නමුත්, නැති බැරි බොහෝ පිරිස් දරුවන් ඕ නොමැතිව ළතැවෙන බව කී මහින්ද රාජපක්ෂ මහතා, නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තමන්ගේම දරුවෙකුගේ සුරතල් බැලීමේ හැකියාව තිබියදීත් නැති බැරිකම හේතුවෙන් දරු සුරතල් බැලීමේ හැකියාව අහිමිව පීඩා විඳින්නේ නම් රජයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් පහසුකම් සැපයිය යුතුව ඇති බවද පවසා සිටියේය. ඒ අනුව නව රජයක් බලයට පත්වීමෙන් පසුව නළදරු උපත් තාක්ෂණිය රජයේ රෝහල්වලට හඳුන්වා දී රෝහල් කාර්යමණ්ඩල දැනුවත් කිරීම් සිදු කරන බව ජනහමුව අමතමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
-නිදර්ශණී වික්‍රමසිංහ -