ශ්‍රීපාද ස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවතී පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා සිය
ජනාධිපති ධුරයේ රාජකාරි ඊයේ (17දා අවසන් කළේය. 2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයන්
පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17දා) වනතුරු සිය රාජකාරී කටයුතු සිදුකළේය. සිය පස් වසරක ජනාධිපති ධුරයේ රාජකාරි අවසන් කිරීම වෙනුවෙන් සිය අවසන් රාජකාරීය ලෙස එම ගැසට් නිවේදනයට අත්සන් කර ඇත. බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ ලැබූ ශ්‍රීපාද ස්ථානය පිහිටි සමනල අඩවිය සහ බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික සෝමවතී පුදබිම මෙලෙස පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

චාමර සම්පත්