මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබු අවස්ථාවේදී වග උත්තරකරුවන්ට නොතිසි ලැබී නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම සලකා බැලීම එලෙස කල් තැබිණි.

මෙම ෂිපස්සමි බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුදු ප්‍රනාන්දු, ඒස්, තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
ඇමරීකා එක්සත් ජනපද සහස්‍ර අභියෝග ආයතනය මගින් ඇමරිකා ඩොලර් මිලියන 400ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබාගැනීමට අනුමැතිය ලබාදීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අගුළුගල් සිරි ජිනානන්ද හිමි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
සභාපති
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හා නීතිඥ දර්ශන වේරදුවගේ යන මහත්වරුන් විසින් මෙම මූලික අයිතිවාසිකමි පෙත්සම් ගොනු කර ඇත.
 මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා විශේෂයන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කර තිබේ.
ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහස්‍ර අභියෝග ආයතනය. විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලයන 480ක මුදලක් ප්‍රදානය කිරීමට වූ යෝජනාව සමිබන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවත්,මෙම ගිවිසුම හේතුවෙන් අප රටෙහි වර්තාවයට, ජාතික ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවට සහ ජනතාවග‍ෙ මූලික අයිතිවාසිකමවලට ඉමහත් අගතියක් සිදුවන බවත් අදාළ පෙත්සම්වල සඳහන් කර ඇති,
මෙම ගිවිසුම සහ ඊට අදාළ තවත් ගිවිසුම් 2ක් ඇති බවද දැනගන්නට ඇති බවත්, යම් හෙයකින් මෙම ගිවිසුම් අත්සන් කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12 (1), 14 (1) යන වගන්තින් සෘජුවම උල්ලංඝනය වන අතර, ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෘත්තීයවේදීන්ට ම‍ෙරට කටයුතු කිරීමට හැකියාව මෙන්ම එක්සත් ජනපද ආරක්‍ෂක අංශයට ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමට හැකි වන බවත් ප‍ෙත්ස්කරුවෝ එම
පෙත්සම මගින් පෙන්වාදී තිබේ. ඊට අමතරව ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථානවලට මෙරට  පුරවැසියන්ට ඇතුළු වීමට 
යම් බාධා කිරීම්වලට ලක්වන බව සිය පෙත්සම්වලින් පෙන්වා
දෙන පෙත්සමිකරුවෝ, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නැයිද ඉල්ලා සිටිති.
ඇමෙරිකා එක්සත් ජනපද සහ අභියෝග ආයතනය සමග ගිවිසුමට එළඹීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ගිවිසුම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින ප‍ෙත්සම්කරුවෝ, වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපයන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයිද ඉල්ලා සිටිති.
මෙම ප‍ෙත්සම් කැදවනු ලැබූ මුල් අවස්ථාවේදී පෙත්සම්භාර පාර්ශවය. වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ යන මහත්වරුන් මෙම පෙත්සමට පාදක වූ කරුණු මහජනතාවගේ දැඩි අවධානයට යොමු වූ නඩු නිමිත්තක් බව කියමින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කෙරීණි. ඒ අනුව ඊයේ (13දා දිනයේදී පෙත්සම් විභාග  කිරීම සදහා කැදවනු ලැබූ අවස්ථාශවීදි මෙහි වගඋත්තරකරුවන්ට නොතිසි ලැබී නොමැති බවට කරුණු ඉදිරිපත් වීමෙන් පසු නඩු විභාගය ලබන ජනවාරි මස 31 වැනිදා සලකා බැලීමට
ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කළේය.