ඇමැති මණ්ඩලය පහළොවකට අඩු කර ඇති හෙයින් සෑම දෙනාටම බලාපොරොත්තු වූ ඇමැති තනතුරු නොලැබෙනු ඇති බවත් සෑම දෙනාම සිය පෞද්ගලික අරමුණු පසෙක දමා ඉදිරි අවුරුදු වෙනුවෙන් සියයට සියයක්ම කැපවීම කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස
නාහිමියෝ ඊයේ (21) පැවැසූහ.

භික්ෂුන් වහල්ලො විදියට කිසිදු පෞද්ගලික අරමුණයක් නැතිවා සේ මේ රඡයෙන් කිසිම දෙයක් අවශ්‍යද නැතැයි කී අභයතිස්ස හිමියෝ අවශ්‍ය වන්නේ රට ඡාතිය සුරක්ෂිත වීම පමණයකැයිද ප්‍රකාශ කළහ.

උන් වහන්සේ  මෙසේ පැවැසුවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩබාර ගැනීම සඳහා අගමැති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ සංවිධාන කෙරුණු උත්සවයේදී කෙටි අනුශාසනාවක් පවත්වමිනි.

මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද කීහ.
ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන්හිදි විවිධ කුමන්ත්‍රණය අභිමුවේ
අභාග්‍ය සම්පන්න අවස්ථාවන්ට පත්වූ බව අප දන්නවා. අවුරුදු 30 ක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයෙන් පහ කරල ඒ හරහා තමන්ගේ බෙදුම්වාදී වුවමනාවන් අත්තවාදී වුවමනාවන් ඉටුකර ගැනීමට පසුගිය කාලය පුරාම බරපතළ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. නමුත් රටේ වාසනාවට දේශ හිතෛෂී පිරිස් ඒ කුමන්ත්‍රණ හදුනාගෙන ඡාතිකවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් විදියට අපට ගෝඨාභය රාඡපක්ෂ මහතා ඡනපතිවරයා විදියට පත්කර ගැනීමට හැකිවුණා. ඒ වගේම ඔබතුමා රටේ අගමැතිවරයා ලෙස පත් කර ගැනීමටත් අවස්ථාව සැලසුණා. එය රටට ආදරේ ඇති සියලු දෙනාගේ ඡයග්‍රහණයක්.

අපේ රට පසුගිය කාලයේදී බෙදුම්වාදී ව්‍යවස්ථා සම්පාදනයන්ට ගොදුරු වුණා. ඒ  වගේම රටේරණවිරුවන් අපහාසයට ලක් කිරීමට සිපිරිගෙවල්වලට ගාල් කරන්නට ඇතැම් දුෂ්ඨ බලවේග කටයුතු කළා. රටේ ආරථිකය බරපතළ අභියෝගයට ලක්වුණා.

ඡනතාව කබලෙන් ලිපට වැටුණා. ඒ වගේ ඇමරිකානු ව්‍යාප්තවාදය ඉන්දියානු ආක්‍රමණ තවත් රටවල ආක්‍රමවලට අපේ රට ගොදුරු  වෙමින් පැවතුණා. අපේ ස්වාමින් වහන්සේ නමක් අපවත්වූ විට ඒ ආදාහනය විහාරස්ථානයේ කරගත නොහැකි අන්දමටත් කටයුතු සිද්ධ වුණා. රයට් සංඝ නායකත්වය නොපැවැතිය යුතුයි කියන ක්‍රියාකාරිත්වයක් පවා ඇතිවුණා. ඇතැම්
සිංහල නායකයන් මෙය සිංහල බෞද්ධ රටක්ද කියන ප්‍රශ්න කිරීම් කළා. දේශීය මූලයන් මත ගොඩනැගෙන නායකත්වයක් ගැන සංවාදයක් අතිවුණේ මේ අවස්ථාවේදියි.

ඒ අනුවයි ඔබලා පත්කර ගත්තේ . ඔබතුමාට ඡනපති අගමැති කියනවා දැයි මට පැටලනවා. ඔබතුමා කාගේත් හදවතේ ජනාධිපති. අහිංසක ඡනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමේ විශාල වගකීමක් ඔබ දෙදෙනාට තියෙනවා.
මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියලා අපි භික්ෂූන් වහන්සේලා විශ්වාස කරනවා. ගෝඨාභය රාඡපක්ෂ මහතා ඊට අවශ්‍ය පදනම දමන බව පැහැදිලියි. ගෝඨාභය මැතිතුමා දමන ඒ අඩිතාලම ශක්තිමත් කරන්න කියලා මැතිඇමැතිවරුන්ගෙන් ඉල්ලනවා.

ඔහුට ඒ සහයෝගය දිය යුතුයි. ඇමැති මණ්ඩලය පහළොවකට අඩු කරලා තියන අවස්ථාවක හැම දෙනාටම බලාපොරොත්තු පරිදි ඇමැතිකම් ලැබෙන එකක් නැහැ. ආයතනවල කාර්ය මණ්ඩල අඩු කිරිම නිසා සමහරුන්ට බලාපොරොත්තු වූ දේවල් නොලැබෙන්න පුළුවන්. භික්ෂුන් විදිහට පෞද්ගලික අරමුණක්  අපට නැහැ. මේ රජයෙන් කිසිම දෙයක් අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය නම් රට සුරක්ෂිත විම පමණයි. හැම කෙනකුම ගම් අවුරුදු පහ දහය සියයට සියයක්ම කැපවීම් කළ යුතු වෙනවා. ඒ කැප කිරීම් කරලා සාධාරණ විනයගරුක රටක් හදමු. එවිට අපට ජනතාව ආශිර්වාද කරාවි. තවත් පරම්පරාවකට මේ රට හදන්න හදන්න බැහැ. අපට අභියෝග රැසක් තියෙනවා. දේශපාලනඥයා ගැන රටේ හොද චිත්‍රයක් නැහැ. දේශපාලනය කියන් පහත්ම වෘත්තිය කියලා සමහරුන් හිතනවා. දේශපාලනඥයාට අඳින කාටුන් බැලුවම කියන කතා බැලවම ඒ ආකල්පය යනවා. ඒ ආකල්පය ලවනස් කරන්න ඕන.

අමාත්‍යංශ ලේකම්වරුන් නෛතික බලය නිවැරදි විදියට පාවිච්චි කළ යුතුයි. හරි දේ කරන්න පැකිලෙන්න එපා. දේශපාලනඥයන් ඉල්ලීම් වැරදි නම් ඒක පෙන්වා දෙන්නත් ඔවුනට හැකියාව තිබිය යුතුයි.


සුජිත් හේවාජූලිගේ