https://www.gossiplankanews.com/2019/11/murali-rejects-rumours.html
යේ පළවූ මාධ්‍ය වාර්තා වලින් කියැවුනේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නට
යන බවකි. ඒ සදහා ජනපති ගෝඨාභය රාජපක්ෂ

පුද්ගලිකවම මුරලිට ඇරයුම් කළ බවද වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් මුත්තයියා මුරලිදරන් අද දින පළවූ ජාතික පුවත්පතක් අමතා මෙම කතාව ප්‍රබන්ධයක් බව දක්වා ප්‍රතික්ෂේප කර තිබේ.

උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා යෝජනා නොකළ බවත් තමා ගෝඨාභයෙ රාජපක්ෂ මහතාට ජනපතිවරණයේදී සහාය පළ කළේ රට වෙනුවෙන් බවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසා ඇත.

සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන ආරංචිය සත්‍යයෙන් තොර බවද ඊයේ දහවල් වනතුරු එවැනි ඇරයුමක් නිල වශයෙන් නොලද බවද ඔහු පවසා ඇත.