පැවැති මරණ පරීක්ෂණයකදී අනාවරණය විය. මෙසේ ඩෙංගු රෝගය වැළඳී මියගොස් තිබුණේ පන්නිපිටිය පොත අංක 66 නිවසේ පදිංචිව සිටි ගාර්දිය හේවාවසම්ගේ සුනේත්‍රා චාන්දනී නමැති 50 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව මියගියේ ජාතික රෝහල තුළදී ඩෙංගු වැළඳීම නිසා යැයි තහවුරු වී ඇති බැවින්
එමෙන්ම ජාතික රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂවරයාගේ ද අවධානය යොමු කරවමින් මරණ පරික්ෂකවරිය ලිපියක් යවා ඇත. මියගිය කාන්තාවගේ සැමියා වන මුහන්දිරම්ගේ කුමාර රංජන ගෝමිස් මහතා මරණ පරික්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.මිය ගොස් ඇත්තේ මගේ බිරිඳයි. ඇයට වකුගඩු අමාරුව තිබුණු නිසා ඔක්තෝබර් 10 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කළා. දිගටම ප්‍රතිකාර කරගෙන ආවත් ඇයට පසුගිය නොවැම්බර් 09 වැනිදා උණ ගැනුනා. ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. 10 වැනිදා මිය ගියා. ප්‍රතිකාර කරගෙන සුව වෙන්න ආ මගේ බිරිඳ රෝහල තුළදී වැළදුණු රෝගයක් නිසා මිය යාම කණගාටුවක් මෙවැනි අපරික්ෂාකාරි පරිසරයක් නිසා තවත් ජීවිත නැතිවිය හැකියි. එවැනි තත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්න කියා මම රෝහල් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද ඔහු කීවේය.
-වීනිතා එම්.ගමගේ-