ජනමත විමසුමට සහභාගී වී ඡන්දය දැමීමට, ලක්ෂ 2 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බවද පැවසෙයි.ජනමත විමසුමේ පළමු වටය හෙට (23) පැවැත්වෙයි. දෙවැනි වටය පැවැත්වෙන්න ඇත්තේ ලබන දෙසැම්බර් 7 වැනිදාය.
බෝගෙන්විල් දූපත් සමූහය පිහිටා ඇත්තේ පැපුවා
දූපත් සමූහයකින් සුසැදි පැපුවා නිවිගිනියාව පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ නිරිත දෙසිනි. 2017 ලෝක බැංකු වාර්තා අනුව පැපුවා නිව් ගිනියාවේ ජනගහනය මිලියන 8.251 කි. පැපුවා නිව්ගිනියාව ද සංචාරක ආකර්ශයකි.
පැපුවා නිව්ගිනියාව සහ බෝගෙන්විල් දූපත් සමූහයේ වැසියන් අතරේ වසර ගණනාවක් ගැටුම් පැවැතිණි. එම සිවිල් ගැටුම් අවසන් වූයේ සාම සැලැස්මකට අනුවය. සාම සැලැස්ම ක්‍රියාත්මක වි වසර 18 ක් ගත වී ඇත. බෝගෙන්විල් දූපත් සමූහ පැපුවා නිව්ගිනියාවේ කොටසක් බවට පත් වූයේ එම සාම සැලැස්මට අනුවය.
කෙසේ නමුත් මේ වනවිට බෝගේන්විල් දූපත් වැසියන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ දූපත් සඳහා ස්ව පාලනයක් හෝ බෝගෙන්විල් දූපත් සමූහය වෙනම රාජ්‍යයක් බවට හෝ පත් කරන ලෙසය. ජනමත විමසුම පැවැත්වෙන්නේ එහෙයිනි. වෙනම රාජ්‍යයක් වීමට අවශ්‍ය යැයි බෝගෙන්විල් දූපත් වැසියන් කැමැත්ත පළ කළොත්, ලෝක සිතියමට අලුතින් දූපත් රාජ්‍යයක් එක් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
බොගෙන්විහිදි (රොයිටර්ස්)