නැවත ජනාධිපතිවරණයක් කැදවීමේ අවධානමක් පවතින බව
නිදහස් හා සාධාරන මැතිවරණ ව්‍යාපාරයක් සඳහා වන ජනතා ව්‍යාපාරය පවසයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන නීති අධ්යක්ෂ
හරේන්ද්‍ර බානගල ඉහත හෙලිදරව්ව කළේය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ
නියෝජිතයන්
නීති අධ්‍යක්ෂකවරයා එසේ කීය. 1981 ජනාධිපතිවරණ පනතේ කිසි තැනක තවත් අතුරු මැතිවරණයක්
පැවැත්වීම පිළිබඳ කිසිඳු ඉඩක් හෝ ප්රතිපාදනයක් නැහැ. මේ නිසා යම්කිසි ගමක ඡන්ද කොට්ඨාශයක
ජනාධිපතිවරණ ඡන්දයේ දී ඡන්ද දූෂණයක්, හොර ඡන්ද දැමීමක් හෝ ඡන්දයට අගතියක් සිදු වේ නම් එම
කොට්ඨාශයට අතුරු මැතිවරණයක් තියන්නට නොහැකි වේ. මේ තත්වය තුල එය සමත්ථ ජනාධිපතිවරණ
ප්‍රතිඵලයම නතරකොට නැවතත් අලූතින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවේ. හැබැයි ඡන්ද
කොට්ඨාශයක හෝ ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දයට බලපෑමත්, අගතියක් සිදු වී ඇති බව පැහැදිලිව
අපක්ෂපාතීව ඔප්පුවිය යුතුය. ජනාධිපතිවරණ ඡන්දය පවත්වන්නේ සමස්ථ ලංකාවම එකම මැතිවරණ
කොට්ඨාශයක් ලෙයසි. යම්කිසි අපේක්ෂකයෙකු ඔප්පුකලහොත් තමාට මෙම ඡන්ද මධ්‍යස්ථානයෙන් අගතියක්
සිදුවුනා කියා නැවත ජනාධිපතිවරණයක් ඉල්ලා සිටියොත් ඒ අනුව ජනාධිපතිවරණයක් පවත්වන්නට මැතිවරණ
කොමසාරිස් වරයාට සිදුවෙනවා යැයි කීය.
මෙහිදී කැෆේ සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක නිරෝෂන් මධව මහතා ස්වාධීන මැතිවරණ
නිරීක්ෂණ කණ්ඩායම්වලට නිල හැදුනුම්පත් ප්‍රධානය කළේය.
-අතුර ජයසේන දොඩංගොඩෙ