අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා ලංකාවට පිටුවහල් කරන ලෙස විදේශ අමාත්‍යාංශය මැදිහත් වී ස්විට්සර්ලන්ත රජයට දැනුම් දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි.

එමෙන්ම
මෙම නිලධාරියා කොළඹ තානාපති කාර්යාල සමග පැවැත්වූ සබඳතා ගැන ද පරීක්‍ෂණයක් කළ යුතු බව රාජපක්‍ෂ මහතා කීය.

විශේෂයෙන්ම නිශාන්ත ද සිල්වාට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් වීසා ලැබීම සඳහා ඉහළ මැදිහත්වීමක් සිදුව ඇති බවත් හෙතෙම කීය.

නිශාන්ත ද සිල්වාගේ කූට වැඩපිළිවෙළ ගැන තමා හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ද පැමිණිලි කළ බව හෙතෙම සඳහන් කරයි.

එක් අවස්ථාවක හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡුාවකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යන දෙදෙනාම නිශාන්ත ද සිල්වා යනු තම දෙපාර්තමේන්තුව සතු හොඳම නිලධාරියකු කියමින් ඔහු ආරක්‍ෂා කළ බවත් හෙතෙම සඳහන් කළේය. එම අවස්ථාවේදී තමාත් එම ස්ථානයේ සිටි බව ද රාජපක්‍ෂ මහතා කියයි.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු