සිංහල බෞද්ධ සංකල්පයෙන් තොරව රටේ පරමාධිපත්‍යයක් නොමැතී බව ද ප්‍රතීඵලයෙන් ජනතාව සපථ කර ඇතී නිසා ලබන මාර්තු වනතුරු බලා නොසිට මහ මැනීවරණයට යන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා
සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභීත හීමියො ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ ඊයේ (18) පැවැතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති නිර්බාධකව ඉදිරියට පවත්වාගෙන යාමට
අදාළ අංශවල සහයෝගය අත්‍යවශ්‍ය යැයි කී සෝභිත හිමියෙන් වත්මන් රජයේ ඇමැතිවරුන් පිරිසක් සිය ධුරවලින් ඉල්ලා අස්වීම ඉතා අගය කොට සලකන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ පූර්වාදර්ශය අනුව කටයුතු කළ යුතු බව ද පැවැසූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී විශ්වාසවන්න අග්‍රාමාත්‍යවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරිමට නව ජනපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ. වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ ද පැවැසූහ.

 "2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වූ අවස්ථාවේ එයාට කැමැති  අගමැතිවරයකු සහ කැබිනට් එකක් පත්කරගන්න අවස්ථාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජකෂ මහතා දුන් ආදර්ශය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුණත් දේශපාලන අර්බුදයක්, අවුලක් අපට නැවතත් දකික්නට ලැබේවි.  පසුගිය වසර හතර තුළ අගමැති සහ ජනපති එක්වී කටයුතු නොකළ නිසයි පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි බරපතළ ප්‍රහාරයක් සිදුවුණේ. දැන් ඉතින් ලබන මාර්තු වෙනකම් තවත් බලා නොසිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාගේ එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ව්‍යාවස්ථාදායක සභාවක් ඇති කළ යුතුයි.  ඒ නිසා ආත්මාර්ථකාමී නොවී පෞද්ගලික අභිමතාර්ථ ඉදිරියට නොදා ලැබුණු පැහැදිලි ජනවරමට
ගරු කොට ක්‍රියා කිරිම සියලුම මහජන නියෝජිතයන්ගේ වගකීමයි.

මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ පරමාධිපත්‍යයේ ස්වරූපය පැහැදිලිව ඉදිරියට ඇවිත් තියෙනවා. මේ රට සිංහල, බෞද්ධ යන සංකල්පයෙන් බැහැර කරන්නට ඉඩ නොදෙන බවට ජනතාව සහතික කර තියෙනවා. ඒ නිසා නව ජනාධිපතිවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් සිංහල බෞද්ධ අංකල්පය පෙරටු කරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. සිංහල බෞද්ධ ආධිපත්‍යය තුළ තමයි අනික් සියලුම ජන වර්ගවල අයිතිය සුරැකෙන්නේ යන කාරණය සියලුම දෙනාට අද පිළිගන්න සිදුවී තිබෙනවා. ඒක තමයි ඇත්ත. එක්සත් ජාතික පක්‍ෂයට තවදුරටත් සජීවීව දේශපාලනය කිරිමට අවශ්‍ය නම් සිංහල බෞද්ධ සංකල්පය අනුමෝදන් විය යුතු යැයි
අපි ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණටත් අනාගතයක්  ඕනෑ නම් මේ කියන සිංහල බෞද්ධ අයිතිය කියන යථාර්ථය තේරුම් ගන්න වෙනවාය කියන එකත් සිහිපත් කරනවා.මේ රජයේ වගකිව යුතු අය සිංහල බෞද්ධයා පීඩාවට ලක්කිරීමේ විපාක අද ඒ අය අත්විඳිනවා. ඒ ගැන කතා කළ යුතු නෑ. මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ අයිතිය තහවුරු වී තිබෙනවා. චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින යම් රණවිරුවකු ඇත්නම් ඒ චෝදනා ඉක්මනින් විමර්ශනය කරලා පියවරක් ගැනීම නව ජනාධිපතිවරයා විසින් කඩිනමින් කරනු  ඇතැයි අපි විශ්වාස කරනවා."