රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තිබෙනවා.
මේ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශයන්ගේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අභාලාෂ කැඳවීම් ඉදිරිපත් කළ හැකි බව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ දැන්වීමේ සඳහන් වනවා.
එම අභිලාෂ කැඳවීමේ පත්‍රිකා දෙසැම්බර් 18දාට ප්‍රථමව ජනපති අතිරේක ලේකම්, ලේකම් කාර්යාංශය, ජනපති ලේකම් කාර්යාලය, කොළඹ 01 ලිපියනට හෝ sb@presidentoffice.lk යන විද්‍යුත් තැපැල් ලිපියනයට යොමුකරන ලෙසද ජනපති ලේකම් කාර්යාලය පවසනවා.