https://www.gossiplankanews.com/2019/11/president-pardon-speech.html
නාධිපතිවරයා තම පවුලේ සාමාජිකයන් හා සමීපතමයන් කිහිපදෙනකු සමග පසුගියදා විශේෂ සාකච්ඡාවක නිරත වූ බවටත් ඉකුත් පස් වසර තුළ තමා ගත් තීරණ කිහිපයක් පිළිබඳව එහිදී කනගාටුව පළ කරමින් 18 වැනිදා මෙම සියලු කාරණා ජනතාවට හෙළි කරන බව
පැවසූ බවටත් සඳහන් කරමින්

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවක් නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මේ බව සඳහන් කරමින් එම මාධ්‍ය අංශය ඊයේ (12) නිකුත් කළ නිවේදනය මෙසේය.

ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයන් සහ සමිපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවත්. පසුගිය වසරක කාලය තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබදව එහිදී ජනාධිපතිවරයා කනගාටුව පළ කළ බවත්, නොවැම්බර් 18 වැනිදා මේ සියලු කරුණු ජනතාවට හෙළි කරන බව පැවසූ බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පළවන ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැත.

එමෙන්ම කුමන පාර්ශ්වයක් විසින් හෝ මැතිවරණයේ අවසාන දින කිහිපය තුළ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි කනගාටුව පළ කර සිටි.