හැංගුණුවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
උන් වහන්සේ මේ බව පැවසුවේ, ඊයේ (6දා) මිහින්තලේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති හිමියෝ,
"වර්තමානය වනවිට මීහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලය අන්තරාකාරී. අනතුරුදායක තත්වයකට පත්වූ තැනක් බවට පත්ව තිබෙනවා. මෙම විශ්වවිද්‍යාලයේ කිසිම සැලසුමක් නැතුව තමයි මෙහි පාලන තන්ත්රය කරගෙන යනු ලබන්නේ. පාලනාධිකාරිය විශේෂයෙන් මේ සියලූම දේවල්වලට වගකියන්න ඕන. මේ නේවාසිකාගාරවලින් පිට කරන මළ මුත්‍රා සහිත
සාකච්ඡාවකින් අපට ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වුණා. ඒ වගේම මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමාගේ මූලිකත්වයෙන් අපි සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කළා. එහෙත් විශ්වවිද්‍යාලයේ වගකීමක් දරන කෙනෙක් මේ සාකච්ඡාවකට යොමුකළේ නෑ, අපි දැනට මාස ගණනාවකට පෙර තමයි මේ අනතුරුදායක තත්ත්වය පිළිබදව හෙළිකළේ, ඒ අනතුරේ උච්චතම අවස්ථාවට අද වෙනකොට පවරලා තිබෙනවා.
අද වෙනකොට රජරට විශ්වවිද්‍යාලයේ සිසු දැරියක් ජීවිතක්ෂයට. පත්වෙලා, තවත් සිසුන් ගණනාවක් බාහිර අංශවල ප්‍රතිකාර ලබනවා. තවත් පිරීසක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තවත් කීප දෙනෙක් දැඩි සත්කාර ඒකකය, ඒත් සමගම මේ
ළමයින්ගෙ දුප්පත් අම්මලා තාත්තලා ඉඩකඩම් උකස් තියලා, කණකර උකස් කරලා තමයි මේ ළමයි සරසවියට එවන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව,
විශ්වවිද්‍යාලය තුළ කිසිම පිරිසුදුකමක් නැති බව තමයි අපි විශේෂයෙන් සදහන් කරන්නේ. අද වනකොට රජරට විශ්වවිද්‍යාලය හැම පැත්තෙන්ම දුගඳ හමනවා. අසූචි පිරිච්චි නරා වළක් බවට පත්වෙලා. මේ වනවිට ඒ මළ මුත්‍රා සියලුම දේවල් මේ වනවිටත් මිහින්තලේ වැවට බැහැර කරනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරීයෙක් අවධානයට ලක්කළේ නෑ. විශ්වවිද්‍යාලය වසා දැමීම හරියට අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්. දහස් ගණනක් උසස් අධ්‍යාපන ලබන මේ ජීවිත සුරකීමට පාලනාධිකාරිය බැදී සිටිනවා. මේ අවදානම් තත්වය පිළිබඳව වරින් වර අපි දැනුවත් කළත් ජීවිතයක් බිලී ගන්නකම් ඒ අය ඇහුවෙ නෑ.
සරසවියට පමණක් නොව මේ වන වීට එම ප්‍රදේශයේ ජීවත් වන හැම දෙනාගේම ජීවිතවලට මෙම තත්ත්වය තර්ජනයක්. මේ විෂ බීජ පැතිරෙමින් පවතිනවා. මේ හේතුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම නොවෙයි කළ යුත්තේ . උපකුලපතිවරයා, රෙජිස්ටාර්වරයා හෝ
අස්විය යුතුයි. නැතිනම් පුළුවන් කෙනෙකුට කරගෙන යන්න දෙන්න ඕන.
පරිසරය පිළිබඳ පාඩම කියලා දුන්නෙ මිහිඳු මහරහතන් වහන්සේ මිහිතලේ ඉඳලා. දරුවන්ගේ පමණක් නොව සතා සීපාවා ගහ කොළ පරීසරය ආරක්ෂා කිරීමේ වගකීම එදා මෙහිදී මිහිඳු රහතන් වහන්සේ තිස්ස රජතුමාට පැහැදිලි කර දුන්නා. ඒ වගේම හැම කෙනෙකුගේම වගකීමක් තමයි මේ හැම දෙනාම ආරක්ෂා කරගැනීම වගකීම, එතනදී තමන්ගේ නිලය හෝ බලය අදාළ වෙන්නැ. තනතුරක් ලැබුණා නම් ඒ තනතුර දුන්නේ සියලුම ජීවිත ආරක්ෂා කිරීමට රජරට සරසවියේ කීර්තිනාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න ඕන මේ අය, නැතිනම් අසූචි දුගඳ හමන සරසවියක් බවට පත් කරලා දරු දැරියන්ගේ ජීවිත විනාශයට පත් කරන්න එපා කියලා සිහිපත් කරනවා. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය සදහා උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානය යොමු කරලා, මීට කඩිනමින් පිළිතුරු ලබා දෙන්න කියලා අපි විශේෂයන් ඉල්ලා සිටිනචා.
මිහින්තලේ ප්‍රදේශයටත් විශාල තර්ජනයක් වෙලා තිබෙනවා අප ජලය මිහින්තලේ වැවට මුදා හරින්ඩ කියන්නේ ඒ මහකන්දරා වැවට යනවා, ඊට පස්සේ මහකන්දරා වැවේ ජලය පානීය ජල යෝජනා ක්‍රමවලට ලබා ගත්තම මේ ව්‍යසනය, ජාතික ව්‍යසනයක් බවට පත් වෙනවා” යැයි පවසා සිටියහ. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඒ මහතා විදෙස්ගතව සිටින බව දුරකථන ක්‍රියාකරු පැවසූ අතර, වැඩබලන රෙජිස්ටාර් වයි. කරණි මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී පැවසුවේ, ඒ සම්බන්ධව තමන්ට කිසිවක් ප්‍රකාශ කර නොහැකි බවයි,
-අනුරාධපුර - බී.ජි. චතුරංග-