ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳ පොදුජන පෙරමුණේ නායකයන් තුළ ඇති කැපවීම හා විශ්වාසය එමගින් පිළිබිඹු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සියල්ල වෙඩි උණ්ඩයෙන් මර්දනය කළ රාජපක්‍ෂ රෙජීමය මෙරට ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගා දැමූ බවත්, එවන් පීඩාකාරී සහ අඳුරු යුගයකට යළි රට ගෙනයාමට ඉඩ දිය යුතු නැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
රටේ නීතිය හා සාමය අතට ගෙන ක්‍රියා කළ අධිපතිවාදී කල්ලියකට රවේ බලය යළි අත්පත් වීම වළක්වා, වත්මන්
මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
"2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළා. ඒ රාමුව ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යම් අපේ අරමුණයි. නමුත් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධව කුමක්ද කියන්නේ? ඔහු ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 80ක් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය තිබෙන්නේ එක තැනක පමණයි.
අප ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කරනවාද? ඒවා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවාද? එසේත් නැතිනම් එයට විකල්පයක් ගෙන එනවාද? සුදුවෑන් වැනි පැහැරගෙන යාම් නතර කරනවාද? මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම නතර කරනවාද? අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවාද? ජනතාව තුළ මතුවන මේ ප්‍රශ්නවලට ගෝඨාභය
මේ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමයි. ඒ ගැන කිසිවක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට නැති නම් එවැනි අයෙකුට ඔබේ ඡන්දය ලබාදීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නිසි වැඩපිළිවෙළක් ඇති සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙනවා ද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර යළිත් රට අඳුරු යුගයකට ගෙන යෑමට සූදානම් වන ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දෙනවා ද කියා ඔබ තීරණය කළ යුතුයි" යනුවෙන් පවසා සිටියේය.
මෙම අවස්ථාවල විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, මැද කොළඹ සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි, මැද කොළඹ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ෆයිරූස් භාජීජියාර්, නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාර, එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගි වී සිටියහ.