ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානයේ සභාපති ඒ.ඒ.ඉස්මත් මහතා පැවසීය.
රත්පුරේදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අපි 2000 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂි රත්නපුර
එතැන් පටන් මේ සංවිධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානය බවට නම් කළා. ජාතිය අමතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව මුස්ලිම් ජනතාවට එරෙහිව කළ ප්‍රකාශයක් නෙමෙයි. එතුමා රට
ගොඩනගන්න ජාති, ආගම්, කුල භේදයකින් තොරව එකතු වෙන්න කියලයි ආරාධනා කළේත්. ඒ නිසා රන්තපුර දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මුළු රටේම මුස්ලිම් ජනතාවට එජාප, ශ්‍රීලනිප භේද හැරදා ජනපති ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතා සමග රට ගොඩනගන්න එක් වෙමුයි ආරාධනා කරනවා." යැයිද පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්පුර දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානයේ ලේකම් එම්.ඩී.එම්. ෆයිරූස්, රත්නපුර දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානයේ නියෝජිත වි.ටී.ජේ. නියාස්, රන්තපුර නාගරික මන්ත්‍රී එම්.අයි. මොහාමඩ් සියාම් ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.
අජිත්ලාල් ශාන්තඋදය