මේ ප්‍රතිඵල අධ්‍යයනය කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නිදහස් පොදුජන පෙරමුණ එක්ව දිනවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුලින්ම අපි සුබපතනවා. මේ මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට අපට පෙනී යන කාරණාවක් තමයි මෙරට ප්‍රගතිශීලී,
චාමවාදී පක්ෂ මටිටමේ අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට නොහැකි වෙලා තියනවා. මෙම ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණය කරන විට පෙනී යන තවත් කාරණයක් තමයි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් ජන කණ්ඩායම් වල හැසිරීම් අන්තවාදී, ජාතිවාදී දේශපාලන පක්ෂවල ග්‍රහණයට නතු වෙලා බව. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමෙන් පසුව මේ ජනකණ්ඩායම් සමග ඇති කර ගත යුතුව තිබූ සම්බන්ධය ඇති කර ගැනීමට නොහැකි වුණා. එම ජනකණ්ඩායම් සමග සංවාදයක් ඇති කර ගත යුතු බවට අපට මේ මැතිවරණය පණිවුඩයක් දෙනවා, මැතිවරණයට පෙර මෙම ජන කණ්ඩායම් සමග කතිකාවක් ඇතිකරගත යුතුයි. අද මේ රටේ සංවර්ධන වේගය 1.7%ක් දක්වා
පහත වැටිලා තිබුණා. විරැකියාව බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබුණා. කොච්චර රාජ්‍ය කළමනාකරණය බිදවැටිලා තිබුණද කියනවා නම් රටේ ප්‍රධාන ඉන්ධන අවශ්‍යතාවක් වන ගෑස් ටික අඛණ්ඩව සපයන්නට තරම් නොහැකියාවක් ඇතිවෙලා තිබුණා. අතිවිශාල සම්පත් මංකොල්ල කෑම්, වංචා දූෂණ ඉතාම බරපතළ ගැටලුක් බවට පත්වෙලා තිබුණා. ගරු ජනාධිපති සිරිමත්‍රීපාල සිරිසේන මහතා අවසන්වරට ජාතිය අමතා කළ කතාවේදී පෙන්වා දුන්න මහ බැකු මංකොල්ලය ව්‍යවහාරික පර්යේෂණවල තිබූ අඩුපාඩු. මම හිතන්නේ මේ සියලු කරුණු නිසා යහපත් සංවර්ධන සැලැස්මක්, ආර්ථික සැලැස්මක් ගැන ජනතාවගේ තිබූ අභිලාෂයන්, බලාපොරොත්තු මෙම ප්‍රතිඵලයන් පැහැදිලි වෙනවා. අප කවර ප්‍රතිඵලය ලැබුවත් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, පොදුජන පක්ෂය විදිහට, ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ විදිහට මේ ජනතාවගේ ගැටලුවලට විසදුම්
හොයලා මහා සංවර්ධන මාවතකට එකතු වෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මේ ජයග්‍රහණ ප්‍රතිඵලය අපි ඉතා නිහිතමානී පිළිගන්නවා. පොදුජන පක්ෂයේ ජාතික අපේක්ෂකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට අපට සහයෝගය දක්වපු අපේ සංවිධායකවරු, සියලුම මට්ටමේ අපේ ක්‍රියාකාරින්, අපේ මන්ත්‍රීවරුන් සියලුදෙනාටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට දෑත් දිගුකරලා අපි සුබපතන්න කැමතියි. ඒ වගේම අපේ පක්ෂයේ අවසාන මොහොතේ හිටපු නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අදහස් ප්‍රතික්ෂේප කළසහ එතුමියගේ අදහස් පිළිඅරගෙන අපෙන් ඉවත්වෙලා ගිය ඒ සියලුම ආසන මේ වෙනකොට අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.ඒ පිළිගැනීමට, අපේ ඉල්ලීමට පාක්ෂිකයෝ එකඟතාව දක්වලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමේ ව්‍යාපාරය, ගලවා ගැනීම්ව්‍යාපාරය මේ කවර නමකින් ආවත් ඒ සියලුම දෙනා දක්වලා තියන ප්‍රතිගාමීත්වයට මේ ප්‍රතිඵලය වගේ හොඳ පිළිතුරක්. ඒ වගේම බොහෝදෙනාගේ ඇස්ඇරවන්නටත් සමත්වෙලා තියෙනවා. කොහොම නමුත් ඉතා ඉක්මනින් රට සංවර්ධන මාවතක් කරා ගෙන යන්නටත් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ,මහතාගේ ජයග්‍රහණය සමග, එම නායකත්වය පක්ෂ සමග අපි ඉදිරියේදී ඒ සංවර්ධන මාවතට ප්‍රවේශ වන්නට සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා,