ලබාදුන් පොදුජන පෙරමුණ පාක්ෂිකයන් සඳහා ස්තූතිය පුද කිරීමට අගලවත්ත එස් ඇන්ඩ් ඒ ශාලාවේදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව අවස්ථාවකදී ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා,
"හාමුදුරුවනේ මම නිතරම කරුමෙට උරුම දුන්න පුද්ගලයෙක්. ඒ නිසා බොහෝ දෙනාට මගේ කතාව දිරවන්නේ නෑ. ඒ ගැන මට ප්‍රශ්නයක් නෑ. 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාද වුණාට පසු අපි එතුමාව අතහැරලා ගියේ නෑ. දිනන වෙලාවට විතරක් ඉන්න, පරදින වෙලාවට
ළඟදි පත්කරපු පුංචි අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන වෙලාවේ මම දන්නවා කළුතර ජනතාව බලා ගෙන හිටියා කොයි වෙලාවෙද රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයෙක් විදියට දිවුරුම් දෙන්නේ කියල. ඒත් කිසිසේත්ම කිසි කෙනෙක් බය වෙන්න එපා. මම නිසි වෙලාවට හොඳම ඇමැතිකම අරගන කළුතරට එනවා. තමුන්නාන්සේලා මා ළඟ ඉන්නා තුරු මම තමුන්නාසේලාට නායකත්වය දෙනවා. තමුන්නාන්සේලා වගේම මෙහි සිටින දේශපාලන නායකයන් මම ආරක්ෂා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ කාර්ය සඳහා උර දුන් ජනතාවට ස්තුතියි. එදා අපි දැක්කා
ඡන්ද පෙට්ටිවල ඡන්ද ගණන් කරන අවස්ථාවේදී උතුරු නැගෙනහිර ඡන්ද ගණන් කරනකොට ඒත් චන්දු මණ්ඩලික තිබුණේ අපිට එක ඡන්දයක් හෝ දෙකක් පමණයි. ද්‍රවිඩ මුස්ලිම් ජනතාව තමන්ගේ ජාතිය වෙනුවෙන් ජාතිවාදී නායකයෝ පස්සේ ගිහිල්ලා අද අසරණ වෙලා. අපේ ජාතිවාදයක් නැහැ. නමුත් ඒ බව ඒ අය තේරුම් ගත යුතුයි. එදා පන්සලෙන් අපේ හාමුදුරුවරු කඨින චීවරේට
ගෝඨාභය රාජපක්ෂ මහතා කවදාවත් වේදිකාවේදී කිවිවේ නෑ මට මන්දිර එපා, වාහන එපා, වරප්‍රසාද එපා කියලා. නමුත් පැය විසි හතරක් යන්න කලින් ඔහු රටට ආරක්ෂාව සලසන ජනාධිපතිවරයෙක් බව ඉතා සරලව ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා අපි කවුරුත් කිසිසේත්ම බිය විය යුතු නැහැ," යැයි පැවසිය.මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය. ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකයන් පිරිසක් එක් වූහ.
ප්‍රේමතිලක පෙරමුණ / අගලවන්න දනුෂ්ක ලංකා නානායක්කාර