රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඝාතනයට ලක්වූ  ඉවොන් නැමැති තරුණියට සාධාරණයක් ඉටු කරන
මෙලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් ඊයේ (12දා) නිදහස් චතුරස්‍රය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක නිරත වූහ.  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම නිහඩ විරෝධතාව පැවැත්වූ අතර, ඉන්පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සමාජ ක්‍රියාමාර්ගයකු වූ කල්‍යනන්ද පෙරේරා මහතා සඳහන් කළේ, මරණ
දණ්ඩනය ලබාදුන් පුද්ගලයකුට සමාව ලබාදීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

ම‍ෙම ක්‍රියාව නිසා අනාගතයේ බිහිවන ජනාධිපතිවරුන්ටත් නරක ආදර්ශයක් ලබාදී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. එබැවින් සාධාරණය වෙනුවෙන් හඩක නැගීමට ජනතාව ඒකරාශී වෙමින් තිබෙන බවත්, වෙනත් රටක මෙවැනි දෙයක් සිදුවුවා නම්, එක රැයින් ගෙදර යාමට එරට ජනාධිපතිවරයාට සිදුවන බවත් කල්‍යානන්ද පෙරේරා මහතා සඳහන් කළේය.  පවතින ක්‍රමයට අනුව මෙරටට වඩා ලෝකයේ හැම රටක්ම හොඳ යැයි තමන්
සිතන බවත්, මේ නිසා ජනාධිපතිවරයාට  පැවරී තිබෙන බලතල නැවතවරක් ප්‍රශ්න  කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත්  පවසා සිටියේය.
- ඉන්දික හේවාවිතාරණ, ඡායාරූප - ඉසුරු පෙරේරා-