මරණ දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමත්ත නමැති සිරකරුට ජනාධිපති සමාව ලබාදුන් ආකාරයට තමන්ටද සමාව දෙන ලෙස ඉල්ලා ඔවැලිකඩ බන්ධානාගාරයේ වහල මත නැග සිරකරුවෝ දෙදෙනෙක් උපවාසයක්
ආරම්භ කර තිබූ අතර අද 13 වන දින වනවිට එම සංඛ්‍යාව 4 දක්වා වර්ධනය වී තිබේ.
ඔවුහු විරෝධතා බැනර් දෙකක් ප්‍රදර්ශනය කරමින්තමන්ටද අඹුදරුවන් සමග ජීවත්වීමට නිදහස අවශ්‍ය බව දන්වා සිටියහ.
මේ හේතුවෙන් බන්ධානාගාරය අවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් රඳවා
සිටින අතර, බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලක අංශයේ කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරී තිබෙන බලතලවලට අනුව සිරකරුවෙකුට සමාව ලබා දී තිබෙන බවත්, එම නිසා විරෝධතාව නිරත සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් බන්දුල ජයසිංහ මහතා සදහන් කළේය.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රී හා අතුරලියේ රතන හිමි එක්වී කිසියම් ගනුදෙනුවක් මත මෙම නිදහස ලබාදී ඇති බවට විශාල කතාබහක් මේ වනවිට සමාජ මාධය තුළ පැනනැගී ඇත.