https://www.gossiplankanews.com/2019/11/sajith-next-what-will-do.html
නපතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊළගට කරන්න යන දෙය පිළිබඳ විවිධ කතා මේ වනවිට නිර්මාණය වී තිබේ.එක් ආරංචියකින් කියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස පත් කිරීම සඳහා
මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සූදානම් වන බවකි.
අගමැති රනිල් යටතේ තවදුරටත් එජාපය පැවතීමෙන් පක්ෂයේ ඉදිරි අනාගතයක් නැති බව මේ අයගේ අදහස වී තිබේ.
එසේම සජිත්ගේ පරාජයට අගමැති රනිල් මුල සිට දැක්වූ

ප්‍රතිරෝධයන් හා මැතිවරණ ව්‍යාපාරය අතරවාරයේ තමන් ඉදිරි අගමැති යයි කීහිපවිටක් කළ ප්‍රකාශයන්ද බලපෑ බව ඔවුන් පෙන්වාදී තිබේ. මෙම කණස්සලු සහිත කාරණා නිරාකරණයට වරක් සජිත්ට ජාතිය ඇමතීමක් සිදු කර ඉදිරි අගමැති රනිල්ම නොවිය හැකි බව ඇගවෙන ප්‍රකාශ නිකුත් කිරීමට පවා සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (18 වැනිදා) පැවැති රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සජිත් ඉදිරියට නායකයා කළ යුතු බවට යෝජනාව ඉදිරිපත් කළ විට මන්ත්‍රීවරුන් කොටසකගේ දැඩි විරෝධය එල්ල වී ඇත. සජිත් ප්‍රේමදාසට වඩා ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 13ක් ලබාගෙන ඇති මොහොතක පක්ෂ නායකත්වය ගැන කතා නොකරන ලෙස එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

අමාත්‍ය දයා ගමගේ පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ලැබූ පරාජය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. පක්ෂයේ අනාගතය පිළිබඳව සිතා කිසිවක් ප්‍රකාශ නොකරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ නැත. මහ මැතිවරණය ලබන පෙබරවාරි මාසයෙන් පසුව

පැවැත්විය යුතු බවට මෙහිදී එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකඟතාවකට පැමිණි බවද වාර්තා විය.

මේ අතර ජනාධිපතිවරණයේදී තමන්ට සහාය ලබාදුන් මැතිඇමැතිවරුන්ට අමාත්‍ය සජිත් ප්‍රේමදාස කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ඊයේ (18 වැනිදා) දහවල් දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට එක්වූ මන්ත්‍රීවරුන්ද යෝජනා කර ඇත්තේ පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කළ යුතු බවයි. සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කළ යුතු බව මන්ත්‍රීවරුන් රැසක් මෙහිදී යෝජනා කර තිබේ.

මේ වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දැක්වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය ධූරවලින් ඉල්ලා අස්වීමට ද ඉකුත්දා තීරණය කර තිබූ අතර අලුතින්ම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සිය ධූරයෙන් ඉල්ලා අස්ව තිබුණි.

කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රුවන් විජේවර්ධන, මලික් සමරවික්‍රම සහ අජිත් පී පෙරේරා යන අමාත්‍යවරුන් මේ වනවිට සිය ධූරවලින් ඉල්ලා අස් වී ඇත.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස් වුනේ රනිල්ට සිය විරෝධය සහ වෙනම බලයක් ගොඩනැගීමේ හැකියාව පෙන්වන්නට බවද තවත් ආරංචියක් තිබේ.
රනිල් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම අනාගතයට අහිතකර බවත් රනිල් අස්නොවුනොත් සජිත් වෙනම පක්ෂයක් යටතේ එජාප පිරිස් මෙහෙයවනු ඇති බවටත් වාර්තා පළව තිබුණි.