ජනාධිපතිවරණයෙන් පසු මේ රටේ ඉන්ධන මිල අනිවාර්යයෙන් ඉහළ යන බව ජනසෙත පෙරමුණ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසුහ.

මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ අසලදී පසුගිය 11 වැනිදා පැවැති ජනහමුවකදී උන්වහන්සේ මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බත්තරමුල්ලේ සීලරතන හිමියෝ,
"ප්‍රධාන අශිකයෝ දෙන්නාම තාව රවටිටමින් බොරු කියනවා. මැතිවරණයෙන් පස්සේ
ඩීසල් පෙට්‍රල් මිල අනිවාර්යයන් වැඩි කරනවා. මේ රට ආරක්‍ෂා කරනවා කිව්වට දේශපාලකයෝ ඒකෙක්වත් මේ රට ආරක්‍ෂා කරන්නේ නෑ. මේ රට එදත් අදත් ආරක්‍ෂා කරන්නේ සංඝරත්නය පමණයි. ඒත් සමහෙර සංඝයා වහන්සේලා ඉන්නවා දේශපාලකයන්ට කඩේ යන. කතා කරන්න වත් නොදන්න මහාචාර්ය කථිකාචාර්ය පට්ටම් ගහපු අය ඒ අය කතා කරන විට වටේ ඉන්න ගෙම්බොත් ජොග් ජෝග් ගානවා. ඒ සංඝයා වහන්සේල්ලොත් දැනගන්න ඕනේ යනකොට අරං යන්නේ තමන් කරපු හොද නරක පමණයි කියලා.

අද මේ රටේ කොයි ග්‍රාම සේවා වසමේද එතනෝල්, හෙරොයින් කුඩු නැත්තෙ. මහා පරිමාණයෙන් කුඩු බිස්නස් කරන මන්ත්‍රීවරු, මහා පරිමාණ කුඩු ජාවාරම්කරු නීතියේ රැහැනට අහු වෙන්නෙ නෑ.

තමුන්නාන්ස්ලා මතක තියාගන්න මේ බොහෝ අය බලය ඉල්ලන්නේ මේ රට විකුණන්නයි මිලේනියම් සිටි කෝපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක වුණත් අපට පාරේවත් බැහැලා යන්න හම්බ වෙන්නේ නෑ. මේවා තේරුම් අරගෙන තමුන්නාන්සේග්ලා 16 වැනිදාට කතිරේ ගහන ලෙස මම ඉල්ලා සිටිනවා" යනුවෙන් පවසා සිටියහ.