ගිවිසුම් ගත වූ ආකාරයට අනුව කැබිනට් ඇමැතිධුර සහ රාජ්‍ය ඇමැතිධුර නොලැබීම පිළිබඳ සාකච්ඡා කිරීම
සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ ගිවිසුමට අනුව කැබැනට් ඇමැති ධුර හතරක් ලබාදීමට නියමිතව තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණක් ඇමැතිධුරවල දිවුරුම් දෙන ලදී.

රාජ්‍ය ඇමැතිවරුන් අද (27 වැනිදා) දිවුරුම් දීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය ඇමැතිධුර 5ක් හිමිවන බව වාර්තා විය. මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදීද සාකච්ඡා කර තිබේ.

උදයජීව ඒකනායක