මාතර නගරයේ කනිෂ්ඨ විද්‍යාලයක ගුරුවරියකගේ නොසැලකිල්ල හේතුවෙන් එහි පන්ති කාමරයක දමා ගොස් සිටි දැවීයන් දෙදෙනෙකු ඔවුන්ගේ දෙමවුපියන් පැමිණ බේරා ගත් බව මාතර පොලීසියේ ළමා හා කාත්තා කාර්යාංශය පවසයි.
මෙම සිදුවීම පෙරේදා (26දා) සිදුව ඇති අතර එම විද්‍යාලයේ හතරවැනි  ශ්‍රේණියේ දරුවන් හට පාසල් කාලය ඇරඹීමට පෙර සහ පාසල් කාලය ඇරඹීමෙන් පසු සතියකට දින 3ක් අතර ඉගැන්වීම සිදුකර ඇත .

ඒ අනුව පෙළා (26දා) සවස 4.25 ට පමණ සිය දරුවන් කැඳවාගෙන යැමට
ඔවුන්ගේ දෙමවුපියන් විද්‍යාලයට පැමිණ සිටියද දරුවන් ගේට්ටුව අසල නොසිටි හෙයින් ඒ පිළිබඳ සෙසු දරුවන්ගෙන් විමසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ ළමයින් දෙදෙනෙකු දෙමහල් ගොඩනැගිල්ලේ සිටි අවස්ථාවේ ගුරුවරිය එම ගොඩනැගිල්ල ඉබි යතුරු දමා ගොස් ඇති බවයි.

අනතුරුව පියෙකු විසින් ගසක් ආධාරයෙන් අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී ඉබි යතුරු කඩා දරුවන් දෙදෙනා බේරා ගැනීමට කටයුතු කර අදාළ පන්ති කාමරයේ වීදුරු ජනෙල් තිබූ නිසා දැරියන්ට ශ්වසනය කීරීම පවා අපහසු වී තිබේ.

එහිදී විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිවරයා සිදුවූ වරද සම්බන්ධව කනගාටුව පළකර එය ඉහළට රැගෙන නොයන ලෙස ආයාචනය කර සිටියද දෙමවුපියන් විසින් එදිනම මාතර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්ද ඉදිරිපත්කොට තිබේ.

 මහේෂ්  මලවආරච්චි