පියා නොමැති අවස්ථාවේ නිවසේ නිදා සිටි වයස අවුරුදු 61ක් වූ සිය මව අපයෝජනය කළ 41 හැවිරිදි අවිවාහක පුතෙකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ, පැණිහෙල ප්‍රදේශයේ පදිංචි අයෙකි. අපයෝජනයට ලක්වූ කාන්තාවන්ගේ සැමියා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක නැවතී සේවය කරන බවත්, ඔහු මසකට වරක් නිවසට පැමිණෙන බවත්  පොලීසියට පවසා තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකකරු කුලී වැඩ කරමින් සිය දෙමාපියන් සමග එකම නිවසේ පදිංචිව සිටින අතර, ඔහු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය වූ දින පියා රැකියාවට ගොස් සිටි අතර මව ආහාර ගෙන සැකකරු එනතුරු නිවසේ දොරවල්  මදක් අඩවල් කර සාලය මත පැදුරක් දමා හාන්සි වී සිට ඇති බවත්, අධික බීමත්ව පැමිණි සැකකරු සිය පියාට හා මවට පරුෂ වචනයෙන් බැණ වදිමින් නින්දට ගොස් ඇති අතර, පසුව අලුයම මව නිදා සිටි ස්ථානයට ගොස් ඇයව මුල්වරට දූෂණය කර ඇති බත් පොලිසිය පවසයි.
යළි පැය කිහිපයකට පසු උදෑසන ඇය නිදා සිටි ස්ථානයට ගොස් ඇයව මරණ බව පවසා බිය ගන්වමින් නැවත වතාවක් දෙවන වරටත් දූෂණයකළ බවද ඇය පවසා ඇත.

අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර තිබේ.
සිදුකළ විමර්ශනවලදී මොහු මන්ද මානසික ආබාධයකින් පෙළෙන බවටද තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වරකාපොළ පොලීසියේ පොලිස් ස්ථානාධිපති කේ.ඕ.පී. අබේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක මංජුල ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරනු ලබයි.

වරකාපොළ - රංගන රුවන්