ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවකු සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ යෝගානන්ද විජේසුන්දර මහතා අභාවප්‍රාප්ත වුණා.

යෝගානන්ද විජේසුන්දර මහතා මියයන විට 75 වැනි වියෙහි පසුවූණා. සුප්‍රකට මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩාව සහ සමාජය පිළිබඳව පුළුල් දැනුමක් ඇති දේශකයකු ලෙස ද  විජේසුන්දර මහතා  ප්‍රකටව සිටියා. ඔහුගේ සිසු සිසුවියන් ‘යෝගා සර්’ ලෙසද සමකාලීනයන් ’යෝගා’ ලෙසද හඳුන්වන ලද විජේසුන්දර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක
ක්‍රීඩිකාවන් රැසකට ගුරුහරුකම් ලබා දුන්නා.

1962 වසරේදී ක්‍රීඩා නිලධාරියෙකු ලෙස පත්වීම් ලැබූ හෙතෙම වසර 40 කට වැඩි කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සේවය කළා. ජාතික ක්‍රීඩා විද්‍යායතනය හරහා ඩිප්ලෝමාධාරීන් රැසක් බිහිකොට ඇති ඔහු ජාතික ක්‍රීඩා පාසල ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් ලෙස උසස් කරලීම සදහා ද පුරෝගාමී මෙහෙවරක් ඉටුකර තිබෙනවා.

එහි පළමු අධ්‍යක්ෂවරයා   ලෙසද හෙතෙම ඉතිහාසගත වුණා. යෝගානන්ද විජේසුන්ර ඒ මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු 5 ට පිළිමතලාව, අරඹේගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.