ජනාධිපතිවරයා එදින මූලාසනයට පැමිණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) විධිවිධාන පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනවාරි 03 වැනිදා නව සභා වාරය විවෘත කිරීමේ කටයුතු ප.ව. 09.00ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමග ආරම්භ වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වෙයි.
අනතුරුව කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්ප්‍රාප්තිය පිළිවෙළින් සිදුවෙයි.
කථානායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිත අතර, අනතුරුව ජනාධිපති ධජය උඩුකුඹු කිරීම හා ජනාධිපතිවරයා වෙනුවන් සම්මාන වෙඩි මුර 21ක් සමග උත්තමාචාර පිරිනැමීම සිදුවෙයි.
චේත්රධාරී, නියෝජ චේත්රධාරීයා, සහකාර චේත්රධාරීයා පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබීමෙන් අනතුරුව සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ.
පෙ.ව 10.00ට ජනාධිපතිවරයා මංගල රැස්වීම් මුලසුනට පැමිණ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිතිවරයා විසින් පාර්ලිමේන්තු රැස්වීම කල් තැබීමට නියමිතය.
1947 වර්ෂයේ සිට 50 වාරයක් පමණ පාර්ලිමේන්තුව
1947 ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වූ පළමුවැනිදා පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවශ්‍රීයෙන් විවෘත කොට මුලසුන දැරූ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතා විසින් රාජාසන කතාව පවත්වන ලදී.
දෙවැනි එළිසබෙත් රැජින විසින් දෙවැනි පාර්ලිමේන්තුවේ තුනි සැසිවාරය විවෘත කළ අතර, 1954 අප්‍රේල් 12 වැනිදා ඇය විසින් උත්සවාකාරයෙන් අරඹන ලද සැසිවාරයේදී රාජාසන කතාව කියවන ලදී. පසුකාලීනව පාර්ලිමේන්තුවේ නව සැසිවාර උත්සවශ්‍රීයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව ආරම්භ කරන ලද අවස්ථා බොහෝමයක් තිබෙන අතර, 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ, නව සැසිවාර ආරම්භයේදී රාජාසන කතාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරීපත් කිරීම ඇරඹිණි.
ආණ්ඩුක්‍රම ව්යවස්ථාශිවී 70(1) අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට හිමි වන බලය යටතේ පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මහින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
| අමිත් මධුරංග